ඔන්න හුග දවසකට පස්සෙ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න වෙලාවක් වෙන් කරගත්ත. මේ දවස් වල ලෙඩයි පාඩම් වැඩයි හින්ද මොකුත් හරියට කරගන්න බැරිඋනා. ඔන්න එහෙනම් අපි ආයෙත් පටන්ගමු CCNA පාඩම් මාලාව. දැන් අපිට තියෙන්නෙ හයවන පාඩම. සිංහළ දෙමළ අළුත් අවුරුද්දට පස්සෙ හා හා පුරා කියල මේ කොල්ල දාන පෝස්ට් එක බලල හොද නරක කියල comment එකක් දාන්න. එහෙනම් අපි පාඩම පටන් ගමු.
CCNA හයවන පාඩම Roter Modes (රවුටරේ වටේ රවුමක් යමු)
මෙන්න මේ පාඩමෙන් තමයි අපි Router එකේ CLI එක හරහා සැකසුම් (settings / configuration) සකස් කිරීමට මුලික පියවර තියන්නෙ. මෙච්චර කල් අපි ඉගෙනගත්ත CCNA පාඩම් මාලාවෙ තිබුනෙ Router එක ගැන පොඩි පොඩි හැදින්වීමුයි. දැන් ඉදල තමයි Router එක ඇගට වදින්න ඉගෙන ගන්නෙ. ඇගට වදිනව කියන්නෙ ඔය මොල කට්ටට හරියටම තේරෙනව කියන එකනෙ, බොක්කටම වදිනව කියන්නෙත් ඕකටමනෙ නේද?..මේ පාඩම කියවගෙන යද්දි ඔයාලට තව ප්‍රශ්නයක් එනව.ඒක තමයි අපිට Router එකක් නැහැනෙ පොඩි configuration එකක්වත් කරන්න කියන එක. ඔය හැම ප්‍රශ්නයකටම විසදුමක් තියෙනව වගේ අපිට පුළුවන් virtual Router එකක් හරහා අපේ configuration ප්‍රායෝගිකවම අත්හදා බලන්න. මමත් කරන්නෙ එහෙමයි. අපිට කොහෙන්ද බූල් බල්ලො කිව්ව වගේ configurable Cisco Routers ගන්න අපිට කොහෙන්ද සල්ලි. Packet Tracer කියන්නෙ අපිට ඒ විදියට ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න පළුවන් හොද මෘදුකාංගයක්. මෙන්න මෙතන ක්ලික් කෙරුවනම් ඔයාලට පටස් ගාල ඒක බාගන්න පුළුවන්. ඔන්න දැන් මම හිතාගෙන ඉන්නෙ ඔයාලත් ඔය කලින් කියපු මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කරගෙන පොඩ්ඩක් අත පත ගාල Router එකක් add කරගෙන සැදී පැහැදී ඉන්නව කියල පොඩි රවුමක් යන්න.
දැන් තමයි පාඩම හරියටම පටන් ගන්නෙ. අපි Router configuration කරන්න නම් දැනගත යුතු මුලිකම දේ තමයි මොනවද මේ Router එකේ තියෙන Modes හා ඒ එක එක Mode එකන් කරන කාර්යයන් මොනවද කියල. දැන් අපි බලමු මෙනවද මේ Router එකේ තියෙන Modes හා ඒවට CLI එක හරහා ඇතුලත් වෙන්නෙ කොහොමද කියල.
Router Modes
- Setup Mode
- User Mode
- Enable or Privilege Mode
- Global Configuration Mode
- ROM monitor Mode
වැදගත්: දැන් අපි Router එකේ command type කරනව, ඒ command type කිරීමේදී මේ කරුනු ටිකත් මතකයේ තියාගන්න. Router එකේ command type කිරීමේදී type කරන command එක හරියටම දන්නැත්තම් ඒ command එකේ දන්න ටික type කරල ප්‍රශ්නාර්ත (?) ලකුන දාල Enter යතුර ඔබන්න. එතකොට අපි කලින් type කරපු එකට සමාන commands Router එකේ IOS එක මගින් පෙන්නනව. ඊට පස්සෙ අපිට හරියන command එක එතනින් තෝරගන්න පුළුවන්. තවත් දෙයක් තමයි command එකක පොඩ්ඩක් type කරල Tab යතුර ඔබපුවාම ඒ command එක සම්පූර්ණ කරල Router එක අපිට ලබා දෙනව. අනිත් එක තමයි එක් Mode එකකින් ඉවන්වෙන්න ඕනනම් exit කියල type කරල Enter ඔබන්න. මේ වගේ පොඩි පොඩි දේවල් දැනගෙන ඉන්න එක ලොකු වැඩ කරද්දි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
Setup Mode:
අපි Router එකට විදුලිය ලබාදී switch on කල ගමන්ම Router එකේ ඊට කලින් සැකසුම් කිසිවක් කරල නැත්තම් ඒ කිව්වේ සැකසුම් කිසිවක් NVRAM එකේ නැත්තම් (CCNA පස්වන පාඩම බැලුවනම් NVRAM එකේ මොනවද තියෙන්නෙ මොනවද වෙන්නෙ කියල තේරුම් ගන්න පුවවන්) Router එක Default Setup Configuration Mode එකෙන් ආරම්බ වෙනව.
මෙතනදි yes කියල දීල ආයෙත් අහන Would you like to enter the initial configuration dialog ? යන එකටත් yes කියල දුන්නොත් අපිට Setup Mode එකේ ඉදල Router එකට මූලික සැකසුම් කරන්න පුළුවන්.
දැනට අපි මෙතන no කියල type කරල ඊලග Mode එකට යමු.
ඔතන RETURN කියල කියන්නෙ Enter key එකට කියල මතක තියාගන්න. දැන් අපි ඊලග Mode එකට යමු.
User Mode:
කලින් කිව්ව වගේ අපි no කියල ගහල දැන් ඇවිල්ල ඉන්නෙ User Mode එකට.
අපිට මේ Mode එක පාවිච්චි කරල ping commands (දන්නවනෙ ping commands පාවිච්චි කරන්නෙ network එකේ හරි වැරදි හොයා බලන්න කියල, සිංහලෙන් කියනවනම් testing and verification වගේ කටයුතු වලට කිව්වොත් හරි) කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ Mode එකේදි Router එකේ සමහර තොරතුරුත් අපිට බලාගන්න පුළුවන්. ඒ කිව්වෙ Router එකේ flash එක එකකොට version එක වගේ මෙකී නොකී ගොඩක් දේවල් අපිට මේ Mode එකේදි බලන්න පුළුවන්. තව දෙයක් තමයි අපිට Router එක User Mode එකේ පවතින්නෙ කියල Router එකේ නමට පස්සෙ තියෙන මේ > සංකේතයෙන් අදුනගන්න පුළුවන්.
දැන් යමු ඊලග Mode එකට.
Enable Mode (Privilege Mode):
User Mode එකේ අපි enable කියල type කරල අපිට Enable එහෙමත් නැත්තම් Privilege Mode එකට යන්න පුළුවන්.
මේ Mode එකේදි Router එකේ තොරතුරු හොදින් බලාගන්න පුළුවන්. ඒ වගේම Router එකේ වෙලාව, දිනය වගේ සැකසුමුත් debugging (මේ වචනෙ සිංහළ තේරුමනම් කියන්න අමාරුයි, ඊලග පාඩමේ ඉදල අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරද්දි මේව මොනවද කියල තේරෙයි) හා අපි Router එකේ එක එක Mode වලට ගිහින් කරන සියළු සැකසුම් ගබඩා (save) කිරීම් කරන්නේ මේ Mode එකේ ඉදලයි. ඒ කියන්නේ අපි Router එකට දැන් කරන සියළු සැකසුම් ගබඩා වෙලා තියෙන්නෙ RAM එකේනෙ, දන්නවනෙ RAM එකේ ගබඩා වෙලා තියෙන ඒව Router එක off කරපු ගමන්ම මැකිල යනව කියල. අන්න ඒක හින්ද අපි RAM එකේ කරපු සැකසුම් Router එක ආයෙත් on වෙද්දි අපි කරපු සැකසුම් වලට අනුව ප්‍රවේශනය කරන්න NVRAM එකට copy කරන්න ඕන (එතකොට තමයි අපි Router එකේ Running Configuration වල කරපු සැකසුම් Startup Configuration වලට ගබඩා වෙන්නෙ.මේ ගැන හොදටම දැනගන්න කරන්න ඕන හොදම වැඩේ මගේ පසුගිය post කියවන එක). අන්න ඒ වගේ වැඩ කරන්නෙ මේ Mode එකේදි තමයි. තව Terminal Configuration (මේව මොනවද කියල පසුව කතා කරමු) නුත් මේ Mode එකේ ඉදල කරන්න පුළුවන්. අපි Router එකේ Enable Mode එකේ ඉන්නෙ කියල අපිට Router name එකට පස්සෙ තියෙන # ලකුනෙන් අදුනගන්න පුළුවන්.
තව දෙයක් තියෙනව ඒ තමයි අපි Router එකේ ඕනෑම Mode එකකට ගිහින් Ctrl + Z යන key දෙක ගහපුවාම නැවතත් අපිට එකපාරටම Enable Mode එකට එන්න පුළුවන්.
Global Configuration Mode:
Router එකේ මෙන්න මේ Mode එකෙන් තමයි අපිට ඕන ඕන විදියට මේ Router යකාව නටවන්න පුළුවන්.මේ Mode එකට යන්න නම් අපි Enable Mode එකේ configure terminal කියල type කරන්න ඕන.
මේ Mode එක හරහා අපිට Router එකට නමක් ලබාදෙන්න, ඒ වගේම Router එකේ මුහුනත් (Interfaces: උදා: serial port, Ethernet port, FastEthernet port) වල සැකසුම්, Router එකේ ආරක්ෂාව සදහා රහස් පද (password) සැකසීමත් ACL (Access Control List), NAT (Network Address Translate), PAT වගේ ගොඩක් සැකසුම් කරන්න පුළුවන්.(බයවෙන්න එපා අපි පසුව ඔය ACL,NAT,PAT ගැන විස්තර ඇතුව කතා කරනව) අපි Router එකේ Global Configuration Made එකේ ඉන්නෙ කියල දැනගන්න පුළුවන් Router එකේ නමට පස්සෙ (config)# කියල සදහන් වෙලා තියෙනවනම්.
ROM Monitor Mode:
අපි Router එක on කරද්දි Ctrl key එකයි Break key එකයි ඔබාගෙන හිටියොත් Router එක ROM Monitor Mode එකෙන් boot වෙනව. මේ Mode එක පාවිච්චි කරන්න පුළුවන් අපි Router එකට දාපු රහස් පද අමතක වෙලා Router එකට CLI එක හරහා ඇතුළුවෙන්න බැරි උන වෙලාවට ඒක නැවත හරිගස්ස ගන්න. ඒ ටික හොදට මතක තියාගන්න, පස්සෙ අපි පාඩමකින් Password Recovery යටතේ ප්‍රායෝගික ක්‍රියාකාරකමකුත් එක්ක මේක හොදට බලමු.
.....................ඊලග පාඩමෙන් Router යකාව නටවමු....................
*****ජය ශ්‍රී*****
Comments
Post a Comment