CCNA දහ අටවන පාඩම Routing v (RIP configuration)
මේ පාඩම පටන්ගන්නෙ කලින් ලිපියෙදි කතාකරපු RIP (Routing Information Protocol) එක කොහොමද Router එකට සැකසුම් කරන්නෙ කියලයි. ඊට කලින් අපිට දා හත්වන පාඩමේදි මගඇරුනු RIPv1 හා RIPv2 ගැන වෙන වෙනමත් ටිකක් කතාකරන්න තියෙනව. කලින් පාඩම බලපු නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ පාඩම බලලම මේ පාඩමට එන්න. අපි කලින් පාඩමේදි කතා කරපු RIP වල තියෙන හැම ලක්ෂණයක්ම RIPv1 හා RIPv2 වල තියෙනව. දැන් අපි බලන්න යන්නෙ මේ version දෙකට තියෙන වෙනස් ලක්ෂණත්, RIPv1 හා RIPv2 Router එකට සැකසුම් කරන විදියත් ගැනයි.
- RIPv1 :
කලින් පාඩමේ RIP වල තිබුනු ලක්ෂණ වලට අමතරව RIPv1 එකේ දකින්න තියෙන විශේෂ ලක්ෂණ වෙන්නෙ මේවයි.
- RIPv1 කියන්නෙ classfull routing protocol එකක්.(classfull ගැන දැනගන්න ඕනනම් CCNA පහලොස්වන පාඩම බලන්න)
- RIPv1 වලදි routing updates අනිත් Routers වලට යවන්න යොදාගන්නෙ 255.255.255.255 කියන broadcast IP address එකයි. (broadcast කියන්නෙ මොකද්ද කියල දැනගන්න මෙතනින් ගිහින් transmission පාඩම බලන්න)
හරි දැන් තියෙන්නෙ අපිට RIPv1 Router වලට සැකසුම් කරල Router වල තියෙන network අතර සමබන්ධතාවයක් ගොඩනගාගන්නෙ කොහොමද කියල බලන්නයි. මුලින්ම බලමු RIPv1 එක සැකසුම් කරන්න යොදාගන්න command මොනවද කියල. distance vector routing protocol ගැන කතාකරද්දි කිව්ව මතකයිනේද Router සදහා මේ protocol සැකසුම් කිරීම ගොඩක් පහසුයි කියල. එහෙනම් මෙන්න මේවයි අපිට ඕන වෙන command ටික.
Router(config)# router rip
Router(config-route)#network <network address>
දෙවනි command එකේ <network address> කියන තැනට දාන්න ඕන අපි සැකසුම් කරන Router එකේ directly connected network වල network address.එහෙනම් පල්ලැහැ තියෙන ක්‍රියාකාරකම කරන ගමන්ම බලමු කොහොමද RIPv1 Router එකට සැකසුම් කරන්නෙ කියල.
ඔයාලට කැමති විදියට IP address බාවිතා කරල ඉහත විදියට network එක හදාගන්න (ඔයාලගෙම විදියකට හදාගත්තත් කමක් නෑ, මම කරල පෙන්නන්නෙ ඉහත රුපෙ තියෙන විදියටයි). Router වලට network හදද්දි ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද RIPv1 classfull routing protocol එකක් හින්ද VLSM වලට සහයෝගය දක්වන්නෙ නැහැ. එහෙමත් නැත්තම් subnet කරපු network අතර සම්බන්ධතාවයන් ගොඩනගාගන්න යොදාගන්න බැහැ. කියපු දේ තේරුනේ නැති කෙනෙක් ඉන්නවනම් ආයෙත් පසුගිය routing පාඩම් ටිකනම් බලන්නම වෙනව. නැත්තම් මේ පාඩම තේරෙන්නෙම නැතිවෙයි. එත් එක්කම මම දාල තියෙන IP address ගැන මොකක්හරි ප්‍රෂ්ණයක් තිබුනොත් අහන්නත් අමතක කරන්න එපා.
උඩින් පෙන්නල තියෙන ක්‍රියාකාරකම කරන්න ඉස්සෙල්ල මුලින්ම කරන්න ඕන දේ තමයි Router වල interface වලට IP address සැකසුම් කරල serial interface වලට clock rate සැකසුම් කරල ඒ සැකසුම් Router එකේ ගබඩා කරගන්න එකයි (මේ සියළු දේවල් කරන හැටි පසුගිය පාඩම් වලින් විස්තර කරල තියෙනව). හරි දැන් එහෙමනම් ඉස්සෙල්ලම Router1 වලට RIPv1 සැකසුම් කරමු.

Router1 වල RIPv1 සැකසුම් දැන් ඉවරයි. දැන් ඔයාලට ගැටළුවක් ඇති ඇයි Router1 එකේ තියෙන network වල හරි network address එක මෙතනට දාල නැත්තෙ කියල. හරියට මම පහලින් පෙන්නල තියෙනව වගේ.
ඒකටත් හේතුවක් තියෙනව. ඒක තමයි RIPv1 වලදි routing update සමග subnet mask එක advertise නොකරන නිසා (classfull routing protocol වල ලක්ෂණයකි), අපි හරි network address එක දමා Router එකට RIPv1 සැකසුවත් RIPv1 එය advertise කරන්නෙ classfull network address එකක් විදියටයි. එමනිසා අපිට කෙලින්ම RIPv1 සැකසුම් කරද්දි ලේසියෙන්ම IP address එක අයත් වන class එකේ network address එක Router එකට සැකසුම් කරන්න හැකිවෙනව. ඔයාලට කැමතිනම් subnet mask එකට ගැලපෙන විදියට network address එක Router එකට සැකසුව කියල Router එක තරහ වෙන්නෙ නම් නෑ. එහෙමත් RIPv1 වැඩකරනව.
දැන් අපි උඩින් කතාකරපු දේවල් ටික මතක් කරගෙනම Router2 එකට RIPv1 සැකසුම් කරමු.
හරි දැන් අපි Router දෙකටම RIPv1 සැකසුම් කරල ඉවරයි. දැන් කරපු සැකසුම් Router එකේ ගබඩා කරල එක් Router එකක ඉදල තවත් Router එකකට data packet හරි ping කරල හරි බලන්න. ඒ වගේම දැන් අපිට පුළුවන් Router වලට කරපු RIPv1 සැකසුම් නිසා Routing update මගින් Router තමන්ගෙ Routing table එක හදාගෙන තියෙන හැටිත් බලන්න. show ip route කියන command එක තමයි ඒකට පාවිච්චි කරන්නෙ. හරි දැන් අපි බලමු Router1 වල routing table එක.
දැන් පේනව නේද RIP routing update මගින් Router2 වල තියෙන network වලට අදාලව routes Router1 එකේ හැදිල තියෙන හැටි. ඒ වගේම Router එක විසින්RIP update වලින් ලබාගත්තු route විතරක් show ip route rip කියන command එකෙන් බලාගන්න පුළුවන්.
Router එක හරහා RIP routing update සිද්ධවෙන හැටි අපිට සජීවීවම debug ip rip කියන command එක හරහා බලාගන්න පුළුවන්.
මතක තියාගන්න මේ විදියට debug තොරතුරු බලද්දි Router එක නොකඩවා (අපි නවත්වන තුරු) update වීම් පෙන්වනව. ඒක නවත්වන්න නම් undebug all කියන command එක බාවිතා කරන්න වෙනව. දැන් බලමු කොහොමද අපි මෙච්චර වෙලාම Router එකට කරපු RIP සැකසුම් පමනක් Router එකෙන් අයින් කරන්නෙ කියල. හරි ලේසියි, no router rip කියන command එක විතරයි ඒකට අපිට ඕන වෙන්නෙ. මේ command එක Router එකට දුන්න ගමන්ම RIP configuration සියල්ලම නැතිවෙලා යනව. හරි දැන් අපි RIPv1 ඇති කරන තැනේ ඉදල නැති කරන තැන වෙනකම්ම කතා කලා. ඒ වැඩේම RIPV2 වලටත් කරලම බලමු.
Router(config-router)#network <network address>
Router(config-router)#no auto-summery
දැන් බලමු මේ command එකින් එක මොනවද කියල. router rip කියන එකෙන් Router එකට දන්වනව RIP protocol සැකසුම් කරන බව හා version 2 කියන එකෙන් එය RIPv2 බවත් Router එකට දන්වනව. network කියන command එක ගැනනනම් අපි කලිනුත් කතා කලානෙ. හැබැයි මෙතනදිනම් subnet mask එකට ගැලපෙනම network address එක දාන්න වෙනව.මොකද RIPv2 classless routing protocol එකක් හින්ද. ඊලගට තියෙන්නෙ වැදගත්ම command එක. no auto-summery කියන command එක හින්ද තමයි Router එක විසින් network address එක classfull විදියට නොගෙන අදාල subnet mask එකේ විදියට ගන්නෙ. අපි no auto-summery කියන command එක RIPv2 වල බාවිතා කලේ නැත්තම් subnet කරපු network තියෙන Routers එකින් එක සම්බන්ධ කරන්න බැරිවෙනව (ඒකට හේතුව වෙන්නෙ RIPv2 විසින් network address එක classfull විදියට summarize කිරීමයි). ඒ කියන්නෙ නැවතත් අපි RIPv1 ම Router වලට සැකසුම් කලා හා සමාන වෙනව.දැන් Router වලටකලින් කතාකරපු command යොදාගෙන සැකසුමු කරමු.
*ඉස්සෙල්ලාම Router1 වලට සැකසුම් කරමු...
*Router2 සැකසුම්...
*Router3 සැකසුම්...
RIPv2 වලදිත් අපි RIPv1 වල අන්තිමට කතා කරපු command ටික බාවිතා කරල routing table එක බැලීම, debuging තොරතුරු බැලීම වැනි දේ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට Router1 වල තොරතුරු බලමු.
**show ip route හරහා Router1 වල routing table එක බැලීම
මේ විදියටම show ip router rip හරහා routing table එකේ තියෙන RIP route පමණක්ද, debug ip rip කියන command එක හරහා RIPv2 තුල සිද්ධවෙන කටයුතුත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම no router rip වලින් කලින් වගේම RIP සැකසුම් නැතිකරල දාන්නත් පුළුවන්. දඅන්නම් RIPv1 හා RIPv2 සැකසුම් Router වලට කරන හැටි අපි ඉගෙන ගෙන ඉවරයි. RIP වලදි කරන්න පුළුවන් තවත් පොඩි සැකසුම් ටිකක් දැන් බලමු. මම කලින් පාඩමේදි RIP routing loop ඇතිවෙන එක වලක්ව ගන්න යොදාගන්න timers වගයක් ගැන කිව්ව මතනයි නේද. අන්න ඒ timers වල පෙරනිමිති අගයන් එහෙමත් නැත්තන් default අගයන් තමයි මම එතන දාල තිබ්බෙ. ඒ අගයන් අපි කැමති විදියට පහත විදියට වෙනස් කරගන්නත් පුළුවන්.
RIP passive interface:
RIP වලදී Router එකට තවත් පොඩි සැකසුමක් අපිට කරන්න පුළුවන්. ඒ තමයි RIP passive interface සැකසුම. මොකක්ද මේ passive interface එකෙන් කරන්නෙ, passive අකාරයට සැකසුම් කරපු interface එකකින් Routing updates එම interface එක හා සම්බන්ධ අනිත් Routers වලට යැවීමෙන් වලකිනව. නමුත් ඒ interface එක හරහා අනෙක් Routers වලින් එවන routing update ලබාගැනීමනම් සිදුකරනව. පහත තියෙන විදියට තමයි RIP වලදි Router එකකට passive interface එකක් සකසන්නෙ.
Router එකකට RIP සැකසුම් වලින් පසු passive-interface default යන command එක ගැසුවොත් එම Router එකේ සියළුම interfaces passive interfaces බවට පත්වෙනව.
දැන්නම් අපි මේ පාඩම හරහා RIP වලදී කතාකලයුතු සියළුම දේ කතාකලා කියලයි මටනම් හිතෙන්නෙ. මට මගඇරුන දෙයක් තියයෙනවනම් ඒ ගැන කියන්න. ඒ වගේම මේ පාඩමට අදාල තවත් ගැටළු තියෙනවනම් අහන්නත් අමතක කරන්න එපා. එහෙන්ම ඊලග පාඩමෙන් තවත් Dynamic Routing protocol එකක් සමග හමුවෙමු.එතෙක් ඔබට

- RIPv2 :
RIPv2 වලට විතරක් අවේනික වුනු ගතිලක්ෂණ තමයි දැන් බලන්න තියෙන්නෙ. කලින් කතාකරපු RIPv1 වලට වඩා ගොඩක් පහසු විදියට network එක තුල RIPv2 එක යොදාගන්න පුළුවන්. ඒකට හේතු තමයි පහලින් පෙන්නල තියෙන්නෙ.
- RIPv2 කියන්නෙ classless routing protocol එකක්. ඒ කියන්නෙ VLSM වලට සහයෝගය දක්වන එහෙමත් නැත්තම් අපිට අවශය විදියට subnet කරපු network Router හරහා එකින් එක සම්බන්ද කරන්න පුළුවන් routing protocol එකක්.
- RIPv2 වලදී routing update අනෙක් Routers වලට යවන්න යොදාගන්නෙ 224.0.0.9 කියන multicast address එකයි.
දැන් තියෙන්නෙ RIPv2 Router එකට සැකසුම් කරන්නයි. ඒකටත් මම පහලින් තියෙන network එක උදාහරණයක් විදියට අරන් තමයි සැකසුම් කරල පෙන්නන්නෙ. කලින් කිව්ව වගේ ඔයාලගෙම network design එකක් අරන් RIPv2 සැකසුම් කරන්න බලන්න.
හරි දැන් මේ network එකේ තියෙන Router වලටත් කලින් ක්‍රියාකාරකමේ කෙරුව වගේම interfaces හා clock rate සැකසුම් ඔයාල හදාගන්න. මෙතනදි මම පෙන්නන්නෙ RIPv2 Router එකට සැකසුම් කරන හැටි විතරයි. පහලින් දාල තියෙන්නෙ RIPv2 සැකසුම් සදහා අවශ්‍ය වෙන command ටික.
Router(config)# router rip
Router(config-router)#version 2
හරි දැන් මේ network එකේ තියෙන Router වලටත් කලින් ක්‍රියාකාරකමේ කෙරුව වගේම interfaces හා clock rate සැකසුම් ඔයාල හදාගන්න. මෙතනදි මම පෙන්නන්නෙ RIPv2 Router එකට සැකසුම් කරන හැටි විතරයි. පහලින් දාල තියෙන්නෙ RIPv2 සැකසුම් සදහා අවශ්‍ය වෙන command ටික.
Router(config)# router rip
Router(config-router)#version 2
Router(config-router)#no auto-summery
දැන් බලමු මේ command එකින් එක මොනවද කියල. router rip කියන එකෙන් Router එකට දන්වනව RIP protocol සැකසුම් කරන බව හා version 2 කියන එකෙන් එය RIPv2 බවත් Router එකට දන්වනව. network කියන command එක ගැනනනම් අපි කලිනුත් කතා කලානෙ. හැබැයි මෙතනදිනම් subnet mask එකට ගැලපෙනම network address එක දාන්න වෙනව.මොකද RIPv2 classless routing protocol එකක් හින්ද. ඊලගට තියෙන්නෙ වැදගත්ම command එක. no auto-summery කියන command එක හින්ද තමයි Router එක විසින් network address එක classfull විදියට නොගෙන අදාල subnet mask එකේ විදියට ගන්නෙ. අපි no auto-summery කියන command එක RIPv2 වල බාවිතා කලේ නැත්තම් subnet කරපු network තියෙන Routers එකින් එක සම්බන්ධ කරන්න බැරිවෙනව (ඒකට හේතුව වෙන්නෙ RIPv2 විසින් network address එක classfull විදියට summarize කිරීමයි). ඒ කියන්නෙ නැවතත් අපි RIPv1 ම Router වලට සැකසුම් කලා හා සමාන වෙනව.දැන් Router වලටකලින් කතාකරපු command යොදාගෙන සැකසුමු කරමු.
*ඉස්සෙල්ලාම Router1 වලට සැකසුම් කරමු...
*Router2 සැකසුම්...
*Router3 සැකසුම්...
RIPv2 වලදිත් අපි RIPv1 වල අන්තිමට කතා කරපු command ටික බාවිතා කරල routing table එක බැලීම, debuging තොරතුරු බැලීම වැනි දේ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට Router1 වල තොරතුරු බලමු.
**show ip route හරහා Router1 වල routing table එක බැලීම
මේ විදියටම show ip router rip හරහා routing table එකේ තියෙන RIP route පමණක්ද, debug ip rip කියන command එක හරහා RIPv2 තුල සිද්ධවෙන කටයුතුත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම no router rip වලින් කලින් වගේම RIP සැකසුම් නැතිකරල දාන්නත් පුළුවන්. දඅන්නම් RIPv1 හා RIPv2 සැකසුම් Router වලට කරන හැටි අපි ඉගෙන ගෙන ඉවරයි. RIP වලදි කරන්න පුළුවන් තවත් පොඩි සැකසුම් ටිකක් දැන් බලමු. මම කලින් පාඩමේදි RIP routing loop ඇතිවෙන එක වලක්ව ගන්න යොදාගන්න timers වගයක් ගැන කිව්ව මතනයි නේද. අන්න ඒ timers වල පෙරනිමිති අගයන් එහෙමත් නැත්තන් default අගයන් තමයි මම එතන දාල තිබ්බෙ. ඒ අගයන් අපි කැමති විදියට පහත විදියට වෙනස් කරගන්නත් පුළුවන්.
RIP passive interface:
RIP වලදී Router එකට තවත් පොඩි සැකසුමක් අපිට කරන්න පුළුවන්. ඒ තමයි RIP passive interface සැකසුම. මොකක්ද මේ passive interface එකෙන් කරන්නෙ, passive අකාරයට සැකසුම් කරපු interface එකකින් Routing updates එම interface එක හා සම්බන්ධ අනිත් Routers වලට යැවීමෙන් වලකිනව. නමුත් ඒ interface එක හරහා අනෙක් Routers වලින් එවන routing update ලබාගැනීමනම් සිදුකරනව. පහත තියෙන විදියට තමයි RIP වලදි Router එකකට passive interface එකක් සකසන්නෙ.
Router එකකට RIP සැකසුම් වලින් පසු passive-interface default යන command එක ගැසුවොත් එම Router එකේ සියළුම interfaces passive interfaces බවට පත්වෙනව.
දැන්නම් අපි මේ පාඩම හරහා RIP වලදී කතාකලයුතු සියළුම දේ කතාකලා කියලයි මටනම් හිතෙන්නෙ. මට මගඇරුන දෙයක් තියයෙනවනම් ඒ ගැන කියන්න. ඒ වගේම මේ පාඩමට අදාල තවත් ගැටළු තියෙනවනම් අහන්නත් අමතක කරන්න එපා. එහෙන්ම ඊලග පාඩමෙන් තවත් Dynamic Routing protocol එකක් සමග හමුවෙමු.එතෙක් ඔබට
***** ජය ශ්‍රී ******

Comments
Post a Comment