ඔයාගෙම ලිනක්ස් ඔපරේටින් සිස්ටම් (Operating System ) එකක් හදා ගන්නේ මෙහෙමයි ~



















අපේ දේ අපිට වටිනවා නේ , ඒ වගේ තමයි අපේ නමින්ම අපිට ඕනේ හැටියට OS
(ඔපරේටින් සිස්ටම්) එකත් අපේ පරිඝනකයේ ධාවනය කරන්න පුළුවන් නම් කොච්චර
දෙයක්ද ,


දැන් කියන්න එපා අපිට කොයින්ද පුසෝ මාළු  කියල , වැඩි දෙයක් නෙමෙයි මේ සදහා
ඕනේ කම තියෙන කෙනෙක්ට කැප කරන්න තියෙන්නේ , විනාඩි 2 ක් විතර පුංචි
කාලයකින් , ඔයාට ඔයාගෙම


OS එකක් හදා ගන්න පහසුකම ලබා දීලා තියෙනවා SUSE Studio කියන ඒකෙන ,




මේ OS එකත් සාමාන්‍ය Linux Kernel ඒක භාවිතයන් Run වෙන එකක් , මුලින්ම මේ ලින්ක් එකට යන්න  





  දැන්  උඩ තියෙනවා  වගේ පින්තුරයක් එයි , එකෙන් Sign In or Create a account කියන ඒක තෝරන්න . ඒක ක්ලික් කරාම මේ වගේ එකක් එයි , එකෙන් ඔයාට ලොග් වෙන්න ඕනේ Account ඒක තෝරාගන්න










 මේකන් ලොග්  වෙලා Allow කියන ඒක දෙන්න  . දැන්මේ එන වින්ඩෝ එකෙන් ඔයාටඋවමනා වර්ගයේ OS ඒක තෝරාගන්න ගන්න පුළුවන් ,

උදා : KDE , GNOME , SERVER වගේ ඕනෙම වර්ගයක




















 දැන් Select your architecture කියන තැනින් ඔයාගේ පරිඝනකේ වර්ගය තෝරාගන්න 32 ද 64 bit ද කියල 

Name your appliance
කියන තැනින් ඔයාගේ OS එකට උවමනා නම සදහන් කරලා Create appliance කියන තැන ක්ලික් කරන්න .




 
Switch to the Software tab to continue » කියන එක ක්ලික් කරාම පහල තියෙනවා වගේ වින්ඩෝ එකක් එනවා .  













මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ OS එකේ ඉන්ස්ටෝල් වෙන්න උවමනා සොෆ්ට්වෙයා වර්ග තෝරාගන්න .











දැන්  ඔයාලට උද තියෙන පින්තුරයේ විදියට දකින්න තියෙනවා ටැබ්ස් 6 ක් ,එකේ Configuration වල General කියන ටැබ් එකේ දකින්න ලැබෙයි අපේ යුසර් නේම් එක root ලෙසත් පාස්වර්ඩ් එක  linux ලෙසත් කැමති නම එය වෙනස් කරගන්න පුළුවන් . 















මීලගට මේ Configuration ටැබ් එකේ තියෙන Personalize , Startup , Server , Desktop , Appliance , Script කියන ඒවා ඔයාට උවමනා විදියට වෙනස් කරගන්න . 





දැන්  Build කියන ටැබ් එක ක්ලික් කරාම පහත ආකාරයේ වින්ඩෝ එකක් එයි .මේකෙන් ඔයාට උවමනා ආකාරයේ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක තෝරාගන්න Default Format යටතේ . අනිත් ඒවත් උවමනා නම ඒවා තෝරාගැනීමේ පහසු කම දීලා තියෙනවා .
 





මේකේ බිල්ඩ් කියන බටන් එක ක්ලික් කරාම යටින් ඩවුන්ලෝඩ් කරගන්නා ලින්ක් එක එයි . දැන් තියෙන්නේ ඉතින් පරිඝනකයට මෙම ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරගන්න එක තමයි .


අමතක කරන්න එපා කොමෙන්ටුවක් දාල යන්න , වස් දොස් , ඇනුම් පද , ප්‍රසංසා.. ඕනේ දෙයක් :)











Comments