හැකින් කරන්න නැතිවම බැරි BackTrack ? පට්ට Tool එකක්ද ?










අද වෙද්දී බොහොමයක් අන්තර්ජාලයේ ජනප්‍රියම
මාතෘකාවනේ මේ හැකින් කියන්නේ . ඒ අස්සේ ඇහෙන අනිත් ජනප්‍රියම වචනේ තමයි
බැක්ට්‍රැක් (BackTrack) කියන්නේ .




මේ ඇවිත් සාමාන්යෙන් අහන්න ලැබෙන දේවල් ටිකක්






  1. -WIFI හැක් කරන්න නම් 
    බැක් ට්‍රැක්  දා ගන්න මචං -
    කවුරු හරි WIFI Crack කරන්න පුලුවන්ද කියල අහල තිබ්බ පොස්ට් එකකටලැබුනු ප්‍රතිචාරයක් .

  2. -මම නම් යුස්‌ කරන පට්ටම හැකිං ටුල් එක තමයි BackTrack - තවත් අහන්න ලැබුනු එකක් .

  3. -හැක් කරන්න කිසිම ගින්නක් නැහැ මචං 
    බැක්_ට්‍රැක්  දා ගත්ත ගමන් ඔක්කම ගොඩ . -

  4. -ඇනෝනිමස් ලා Develop කරපු 
    බැක්-ට්‍රැක්  -


ඔය 3, 4 නම් මම දැක්කේ බ්ලොග් පොස්ට් එකක .



ඔය වගේ ඒවා ඕනේ තරම් දකින්න ලැබෙනවා ඇති හැමෝටම. මුනුපොතේ උදව් ඉල්ලන ගෘප් වල මේ වගේ කතා නිතරම යනවා .



ඇත්තටම මේක Hacking Tool එකක්ද ? හැකිං කෙසේ වෙතත්
පරිඝනකය ගැන දන්නා කෙනෙක් නම් කියන්නේ OS එකක් ඒ කියන්නේ Operating System
(මෙහෙයුම් පද්ධතියක්) කියල .




ඇත්තටම මොකක්ද මේ







BackTrack
5 කියන්නේ  Ubuntu Lucid (10.04 LTS) (උබුන්ටු දන්නවා ඇතිනේ ?  ) මත පදනම්
උන Linux kernel 2.6.38 එක භාවිතා කරන Open Sourceමෙහෙයුම් පද්දතියක් .
මේකේ වෙනස තමයි Security සහ Penetration Testing වලට අදාළ වන මෘදුකාංග
Pre-Installed (ඒ සමගම ඇතුලත් කර ) එන එක.


ඒ වගේම මේකේ Developers ල වෙන්නේ Linux Security | Backtrack.org වලින්





Whoppix, IWHAX, සහ  Audito යන Distribution සමග තමයි මේ ලිනක්ස් මත පදනම් උන BackTrack වලත් උපත සිද්ද වෙන්නේ .

ඕනේ කෙනෙක්ට මේ මෙහෙයුම් පද්ධතියේ KDE හෝ GNOME යන ඒවගෙන් බා-ගත කරගන්න පුළුවන්

32
bit හෝ 64 bit x86 වලින් . (මේ ගැන වැඩි විස්තර මේකෙන් කියන්නේ නැහැ ,
ඇත්තටම කිවොත් කියන්න තරම් ලොකු.. වෙනසකුත් නැහැ පොඩි පොඩි ඒවා හැරුන කොට
:p ).








දැන් මේ
BackTrack කියන දේ ගැන සරල වැටහීමක් හරි ලැබුනානේ . දැන් වැඩේ තියෙන්නේ
සමහර අය කියනවා වගේ BackTrack දැන්ම ගමන් වැඩේ හරිද ? ගේමක් නැතිව හැක්
කරන්න පුලුවන්ද ? කියන එකයි .




මේ පොස්ට් දෙක කියෙව්වේ නැත්තම් මුලින්ම කියවලම එන්න



1.
ඔබ විසින් ඔබව හැක් වෙන්නේ මෙහෙමයි ~ වයිරස් ගාර්ඩ් ද ? මොලයද ?

2.මොකක්ද මේ හැකින් -What is the Hacking ? මුල ඉදල තේරුම් ගන්න
















වැඩි දෙයක් නැති උනත් ලාවට හරි තේරුම ගන්න දේවල්
ඇති . දෙවැනි පොස්ට් එකේ තියෙනව සාමාන්යෙන් භාවිතා වෙන ක්‍රම . ඉතින් ඒ හැම
දෙයක්ම වෙන්නේ කොහොමද කියල තේරුම ගත්තේ නැති නම් Backtrack Install කරා
කියල වැඩක් තියෙයිද ?

සබන් හදන මැෂිමක් අරගත්තට සබන් හදන්න දන්නේ නැත්තම් මැෂින් ඒකෙන වැඩක් නැහැනේ නේද ? ;)




ඒ වගේම සමහර අය කියයි වින්ඩෝස් වල ඉදල මේ වැඩ කරන්න බැහැ අනිවාර්යෙන්ලිනක්ස් බේස් OS එකක් නැති නම් කියලත් . 






















අපි
සාධාරණව බැලුවොත් BackTrack වල විශේෂය තියෙන්නේ Menu එකේ BackTrack කියන
මෙනු එක නිසානේ , මේකේ තියෙන ගොඩක් ඒවා රන් වෙන්නේ Terminal එකේ .


උදා :-





Graphical User Interface තියෙන Application තියෙනේ බොහොම සුලුතරයයි . ඒ
වගේම මේ එක එක ටර්මිනල් එකේදී භාවිතා කරන්න උවමනා Commands ද දැනගන්න ඕනේ .
ගොඩක්ම තියෙන්නේ Python , Perl වගේ පරිඝනක භාෂා පදනම් කරගෙන නිපදවුණු
Applications . ඉතින් මේ බොහොමයක් ඒවා වින්ඩෝස් වලත් රන් කිරීමේ හැකියාව
තියෙනවා . හැබැයි ඉතින් ඒ ඒ දේවල් ගැන නිසි දැනුම නම් අවශ්‍ය වෙනවා .






මම ඇහුවම ඇයි BackTrack පාවිච්චි කරන්නේ කියල කෙනෙක්ගෙන්

"එකේ තියෙන Exploit , Scripts වැදගත්නේ මචං " 





ඔන්න ඕකයි ලැබුන පිළිතුර. මේ එකක්වත් මේ සමග
පමණක් එන ඒවා නෙමෙයි . සාමාන්යෙන් සයිබර් ආරක්ෂාව ගැන සැලකිල්ලෙන් ඉන්න
කෙනෙක්ට අලුත් වෙන Security holes , Exploitation ගැන හොයා ගන්න පුළුවන් . 






ඒ වගේම මේ බැක්ට්‍රැක් වල තියෙන මෙනුව ඔයාලගේ
වෙනත් ලිනක්ස් මත පදනම් උන වෙනත් OS එකකට උනත් ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව
තියෙනවා. ඒ ගැන ඕනේ නම කොමෙන්ටුවකින් අහන්න , පොස්ට් එකක් දාන්නම් ,






අනිත් කාරණේ මේ Security සහ Penetration
Testing වලට යෝග්‍ය OS එකකට තියෙන්නෙම මේ BackTrack කියන මෙහෙයුම් පද්ධතියන
විතරද කියන කාරණේ .


                                  




මම ඉහතදී සදහන් කරා මේ ඔ . එස් එක නිපදවිලා තියෙන්නේ Whoppix, IWHAX, සහ  Audito යන Distribution සමග කියල . ඒවත් මේ වගේම security සදහම නිපදවූ එවයි .



මේ වෙද්දී තවත් ජනප්‍රියම වෙන OS දෙකක් තමයි DarkRacer සහ Backbox කියන ඒවා .  









ඩාර්ක් රේසර් මෙහෙයුම් පද්ධ්ත්හිය










බැක් බොක්ස් මෙහෙයුම් පද්ධතිය 




 ඉතින් මේ ගොඩක් මිත්‍යා කතා පැතිරිලා තියෙන්නේ මොන වගේ අය නිසාද කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන් . :p

කොහොම මොනවා දා ගත්තත් Formula එක , ක්‍රමය ඉගෙන ගන්නේ නැතිව කිසිම වැඩක් නම් කරන්න බැහැ . ;)



ඉතින් මම කියන්නේ ඔයාලත් වින්ඩෝස් වලට පුරුදු උන කෙනෙක් නම් මේ සයිබර්
ආරක්ෂාව , හැකිං කියල වචන වලට වහල් වෙලා එක පාරම BackTrack දා ගන්න හදන්න
එපා.  ubuntu , fedora , Hanthana Linux වගේ OS එකකින් මුලින් linux
Command වලට පුරුදු වෙන්න .



මම මේ පොස්ටුවෙන් BackTrack Linux ගැන අඩු තක්සේරුවක් කරන්න බලාපොරොත්තු උනා නෙමෙයි . ඒ ගැන හරි වැටහීමක් ලාවට දෙන්නයි ලිවේ .



මේ ඊයේ පෙරේද වෙද්දී , BackTrack 5 r3 සංස්කරණයත් නිකුත් උනා ,



මුණුපොතේ OMG Linux කියන ගෘප් එක මේ ලිනක්ස් භාවිතා කරන අයට ගොඩක් වැදගත් වෙයි .




ඒ වගේම ඔයාලටත් හිතේ තියෙන දේ කොමෙන්ටුවකින් කියල යන්න වෙලාවක් තිබුනා නම් බොහොමත්ම ස්තුති වන්ත වෙනවා





Comments