...:: තමන්ගේ Blog එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි ::...
මුලින්ම කියනවා ඔයාට සුභ නව වසරක් කියලා. අවුරැදු සරු ඇති මම හිතන විදිහට. කොහොම හරි මේ අවුරැද්දේ ඔන්න ඉස්සෙල්ලම දාන post එක සල්ලි ගැන. එහෙනං අපි post එක දිහාට යමු.
ගොඩක් මිනිස්සු blog වලින් සල්ලි හොයන්න හදනවා. එයාල හැම වෙලාවෙම අහන්නේ මොකක්ද හොඳම විදිහ blog එකකින් සල්ලි හොයන්න කියලනේ. සමහර මේක කියවන ඔයාටත් ඒ ප්‍රශ්ණෙම ඇති. ඉතිං අපිට පුලුවන් හොඳම සහ ලේසිම ක්‍රම ටිකක් අත්හදා බලන්න. මම මේක පුලුවන් තරම් ලේසි විදිහට තමා ඔන්න ලියන්නේ හොඳේ...
01. Advertising Programs ( දැන්වීම් ප්‍රචාරණය කිරීම මඟින් )
ගොඩක් අයගේ ක්‍රමේ තමා තමන්ගේ blog එකට ads එකතු කරලා සල්ලි හොයන එක. ඉතිං අපේ මේ Internet එක තුල ගොඩක් Advertising Programs තියෙනවා. මේවා අතරින් ගොඩක්ම ප්‍රසිද්ධයි AdSense කියන ක්‍රමය. ඉතිං ඔයාට ගොඩක් sites වල මේ AdSenes වලින් ප්‍රචාරය කරල තියෙන දැන්වීම් දැකල ඇතිනේ. ඒකට සමහරක් අයනම් කියන්නේ Google ads කියලයි. මේක තමයි දැන්වීම් ප්‍රචාරක කලාවේ මූලික අඩිතාලම උනේ. මොකද මේක ගොඩක් ලේසියි. ඔයාට ගොඩක් දේවල් කරන්න නෑ මේකෙ. අපිට තියෙන්නේ මේ වැඩසටහන අපේ site එකට එකතු කරලා අපේ site එක ආරම්භ කරන්න විතරයි. ඉතින් මේකෙන් ඔයාගෙ site එකට traffic වැඩිවීමකුත් සිද්ධ වෙනවා. හැබැයි ගොඩක් දුරට මේකෙන් මුදල් හොයන්න පුලුවන් වෙන්නේ ඔයාගෙ site එකට එන පාඨකයන් පිරිසේ ගාණ අනුව තමා. ඉතිං මේ විදිහට තවත් දැන්වීම් ප්‍රචාරය කරලා මුදල් හොයාගන්න පුලුවන් හොඳ sites ටිකක් ඔන්න මම පල්ලෙහායින් දානවා.
- Adsense
- Adbrite
- Chitika
- Bidvertiser
02. Affiliate Programs ( සම්භන්ධ කර ගැනීම මඟින් )
මේ ක්‍රමයනම් ඒකාකාරිව නෙමේ වැඩ කරන්නේ. මොකද මේක ගොඩක් විදිහට ක්‍රයාත්මක වෙනවා. ඔයාලට banner හදලා ඊට පස්සේ ඒව ඔයාගෙ blog එකට දාන්න පුලුවන්. ඉතිං ඔයාලගෙ blog එකට එන අයට පුලුවන් ඒ banner එක click කිරීම මඟින් ඒ අදාල ස්ථානයට පිවිසෙන්න. තව දෙයක් තමයි ඔයාල මොකක් හරි site එකක sign up banner එකක් දැම්මොත් ඒ banner එක click කරලා ගිහින් ඒ site එකේ register උනොත් ඔයාලට සල්ලි හම්බවෙනවා. ඉතිං ඔන්න මේ ක්‍රමෙනුත් මම ඔයාලට sites ටිකක් පහළින් දානවා.
- Click Bank
- Commission Junction
- Linkshare
03.Sell product on your blog ( ඔයාගෙ blog එකෙන් යම් යම් භාණ්ඩ විකිණීම මඟින් )
ඔයාට යම් යම් භාණ්ඩ විකුණන්න පුලුවන් ඔයාගෙ site එකට හොඳ traffic එකක් තියෙනවනම්. ඔයාට අලුත්ස භාණ්ඩ විකුණන්න පුලුවන්. මිනිස්සුන්ට අවශ්‍යම දේවල් හෝ වෙනත් යමක්. උදාහරණයක් විදිහට ගත්තොත් E-books ඔයාට විකුණන්න පුලුවන්. තව software වගේ ඒවත් විකුණන්න පුලුවන්.
04.Sell advertising space On your blog ( දැන්වීම් ප්‍රචාරණය සඳහා ඔබගේ blog එකේ ස්ථාන විකිණීම මඟින් )
මේකනම් 100%ක් ෂුවර් ඉතිං. ආය කතා බතා මොකවත් මේ ගැන ඕනි නෑ. මේකත් ගොඩක්ම ලේසියි. හැබැයි එකක් තියෙනවා. ඔයාගෙ blog එකට හොඳ traffic එකක් තියෙන්න ඕනි. ඔයාට දැන්වීම් හදලා ඒවගෙ මුදල් ගණන් පවා ඔයාට පාලනය කරන්න පුලුවන්. ඔයාට පුලුවන් ඒ ඔයා විකුණන කොටස එක මාසෙකට විතරක් විකුණන්න. මාස දෙකකට. නැත්නම් සති දෙකකට. ඕන තරමකට ඔයාට පුලුවන්. ඉතිං මේ විදිහට ගොඩක් banners ඔයා දැම්මොත් ඔයාට ගොඩක් සල්ලි හොයාගන්න පුලුවන්.
i. buysellads.com
05. Put PayPal donation button ( පේපල් පරිත්‍යාග බොත්තම blog එකට ඇතුලු කිරීම මඟින්
ඔයාට පුලුවන් ඔයාගෙ blog එකට paypal donation button එක දාගන්න. ඇත්තම කිව්වොත් මේ ක්‍රමයනම් රැඳිල තියෙන්නේ traffic එක තුලයි. ඒ කියන්නේ Visitorsලාගේ ගාන අනුව තමයි. ඔයාල ලියන post එයාලට කොච්චර වැදගත් වෙනවද කියන එක යටතේ තමා ඔයාට එයාල මුදල් පරිත්‍යාග කරන්නේ. ගොඩකක් ලොකු මුදල් නෙමේ. පොඩි ඩොලර්ස් ගාණක්. සමහර විට ඩොලර් එකක් වගේ වෙන්නත් පුලුවන්. ඉතිං ඒ මුදල් ඊට පස්සේ ඔයාගෙ paypal account එකට යනවා.
මම ඔයාලට ඉදිරියේදී paypal donation button එකක් දාගන්න හැටි කියල දෙන්නම්. එතකම් මේක ඉවසන්න. ඉවසන්න බැරිනම් ඉතිං හොයාගෙන කොරගන්න. :D
ඔන්න එහෙනම් මම අදට ගියා. ලඟදීම තවත් අලුත් post එකක් දෙන්නම්කෝ. මේ ගැන ඔයාලට ප්‍රශ්ණ එහෙම තියෙනවනම් කියන්න. පුලුවන් විදහට උත්තර දෙන්නම්. හොඳ, නරක, බැනුම් ඕනිම දෙයක් බාර ගන්නවා. කිසි භයක් නැතිව දාන්න. XD. ඔන්න මම ගියා...
Comments
Post a Comment