CCNA විසිහයවෙනි පාඩම Access Contril List configuration
කලින් Access Control List පාඩම බලපු නැති කස්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ පාඩම බලලම මේ පාඩමට එන්න. අපිට මේ පාඩමෙන් බලන්න තියෙන්නෙ ACL කොහොමද Router එක තුල සැකසුම් කරන්නෙ කියලයි. පළමු පාඩමේ කතාකලා මතකයිනෙ ACL වර්ග දෙකක් ගැන (තවත් ACL වර්ග කිහිපයක්ම තියෙනව, ප්‍රධාන වශයෙන් CCNA වලදි වැදගත් වෙන්නෙ මම කලින් පාඩමේදි සදහන් කරපු ACL වර්ග දෙකයි).
***Standard හා extended ACL packet tracer මෘදුකාංගය භාවිතයෙන් සැකසුම් කර ඔබට ඉදිරිපත් කරන්න හැදුවත් ඒවා packet tracer 5.3.3 මෘදුකාංගය තුල නිසියාකාරයෙන් ක්‍රියාත්මක වීමේදි යම් යම් ගැටළු මතු වු නිසා සමහර ACL සැකසුම් පමනක් (packet tracer configuration file නොමැතිව) මේ පාඩමේදී ඔබට ඉදිරිපත් කරන්නට සිදුවීම පිලිබද මගේ කනගාටුව ප්‍රකාශ කරමි. gns3 Router simulation මෘදුකාංගය භාවිතයෙන් උත්සහ කලද ඉහත ගැටළුවම මතුවිය. කෙසේ වෙතත් මෙහිදී දක්වන ACL වලට අදාල සියළුම සැකසුම් CCNA විභාගයේදී ඔබට හමුවෙන ගැටළු සදහා සාර්ථකව පිළිතුරු ලබාදීමට ඔබට යොදාගත හැක. (කාට හරි packet tracer මගින් නිවරදිව සමහර ACL සැකසුම කරන හැටි හම්බුනොත් මටත් කියපල්ල හොදද ).
Standard Access Control List සැකසුම් කිරීම ..
**Standard Access Control List ලක්ෂණ:
**Standard Access Control List ලක්ෂණ:
- Network එකක් තුල data එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවීමේදී යවන්නා source ලෙසත් තොරතුරු ලබන්නා destination එක ලෙසත් හදුන්වනව කියල ඔයාල දන්නවනෙ. standard access control list එකක් සැලසුම් කිරීමේදී එහි අඩංගු වෙන්නෙ source ගේ තොරතුරු පමනයි.
- සැම විටම network එකක් තුල standard access control list එකක් සැකසුම් කිරීමේදී destination එකට ආසන්න Router එකේ interface එකකට තමයි සැකසුම් කරන්නෙ.
- Router එකට ACL එකක් සැකසුම් කලාට පසු එය standard access control list එකක්ද කියා හදුනා ගන්නට ACL සැකසුම් කිරීමේදී එයට number එකක්ද assign කරයි. එම number එක 1 - 99 ත් හා 1300 - 1999 අතර නම් Router එක නිශ්ච්තවම එය standard access control list එකක් ලෙස හදුනා ගනියි.
- එක් computer එකකට වෙනත් network එකකට අතුළුවීම වැලැක්වීමට (deny) හෝ අවසරදීමට (permit).
- එක් network එකකට වෙනත් network එකකට අතුළුවීම වැලැක්වීමට (deny) හෝ අවසරදීමට (permit).
- access-list access-list-number {permit |deny} {host | source-wildcard | any}
- Router(config)# access-list access-list-number permit any
කලින් පාඩමේදි Access Control List හැසිරීම කියන කොටසෙ අනිතිම පොයින්ට් එකෙන් කියල තියෙන දේ හොදට බලන්න. ඒකෙන් කියන්නෙ ACL එකක් Router එකේ interface එකකට සැකසුම් කලාට පස්සෙ එම ACL එක මගින් interface එක හරහා යන සේරම traffic deny කරනව කියලනෙ. අන්න එ නිසා තමයි අපි සැකසුම් කරන ACL එකේ අන්තිම command එක හැටියට ඉහලින් තියෙන command එක යොදාගන්නෙ.මේ command එකෙන් කියන්නෙ access-list-number කියන ස්ථානයේ දමන number එක ඇති ACL එක හරහා යන අනෙක් සියළුම network traffic සදහා අවසර දෙන්න කියලයි(permit any). ACL එකක මෙම ලක්ෂණය අපිට වාසියක් වෙන අවස්තාවකුත් තියෙනව. අපි හිතමු අපිට ඕන Router එකේ interface එක හරහා යන මොනව හරි network traffic එකක් හෝ කිහිපයකට, ACL සැකසුම් මගින් එම interface එක හරහා යන්න අවසර (permit) දෙන්න හා අනෙක් සියළුම network traffic එම interface එක හරහා ගමන් කිරීම වලක්වන්න(deny). ඒ වගේ අවස්ථාවකදි කරන්න තියෙන්නෙ ACL එක මගින් පළමුවෙන් සාකච්චා කරපු command එක පාවිච්චි කරල අවශ්‍ය network traffic ටිකට අවසර දෙන එක විතරයි. එතකොට ACL එක මගින් පෙරනිමිත්යෙන්ම (default) අනිත් සියළුම network traffic deny කරල දානව. ඒ කියන්නෙ අපි දැන් කතාකරපු command එක පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් නෑ කියලයි.
Router Interface සදහා Access Control List සැකසුම් කිරීම.
කලින් කතාරපු command බාවිතා කරල හදාගත්තු ACL එක කොහොමද Router එකේ interface එකට සැකසුම් කරන්නෙ කියල දැන් බලමු. standard හෝ extended යන ඕනෑම වර්ගයක ACL එකක් interface එකකට සැකසුම් කරන්නෙ එකම විදිහටයි.
- Router(config-if)#ip access-group access-list-number {in/out}
Standard Access Control List ක්‍රියාකාරකම්.
මෙතන ඉදල බලමු අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තු දේවල් වලින් කොහොමද ACL සැකසුම් කරන්නෙ කියල. මේ පහලින් තියෙන්නෙ කිසිම ACL සැකසුමක් කරපු නැති full convergence (සමුපූර්ණයෙන්ම එකිනෙකට සම්බන්ධ) network එකක්. මේ network එකේ routing protocol එක හැටියට යොදාගෙන තියෙන්නෙ RIP v2 යි.
ක්‍රියාකාරකම් 01:
** Tom computer (192.168.10.2) එකට Router2 හි 200.100.10.0/25 network එක access කල නොහැකි වන ලෙස ACL එකක් සැකසුම් කිරීම.
මෙහිදී අප standard ACL එකක් සැකසුම් කරන නිසා පාඩම ආරම්බයේදී කී පරිදි destination එකට ආසන්න ස්ථානයකට ACL සැකසුම් කරමු. ඒ අනුව Router2 හි Se 0/0 interface එකට inbound ආකාරයට හෝ එහිම Fa 0/0 interface එකට outbound ආකාරයට අපට ACL සැකසුම් කල හැකියි. මෙය ක්‍රම දෙකකට සිදුකල හැකියි.
# පළමු ක්‍රමය:
#දෙවන ක්‍රමය:
පහලින් තියෙන්නෙ මම ඉහතින් තියෙන විදියට සැකසුම් කරපු Packet tracer simulation එකක්.ඒක බාගෙන Tom computer එකේ ඉදල අනෙක් network එකට data packet යවල බලන්න successful විදියට ඒවා send වෙනවද කියල.
- Packet tracer file (මෙහි සමහර ACL සැකසුම් නිවරදිව ක්‍රියාත්මක නොවේ)
** 192.168.10.0/29 network එකට 200.100.10.0/25 network එක access කල නොහැකිවන පරිදි ACL සැකසුම් කිරීම.
මෙහිදී අපට Router2 හි Fa 0/0 interface එකෙන් 192.168.10.0./29 network එකට අයත්වන traffic පිටවන (out)අවස්ථාවේදී deny කිරීමෙන් ක්‍රියාකාරකම් 02 තුලින් බලාපොරොත්තු වන දේ සිදුකරගත හැක. මෙම ක්‍රියාකාරකම් මීට වඩා වෙනස් ආකාරයෙන්ද සිදුකල හැක.ඔබත් උත්සහ කර බලන්න.
මෙහදි 0.0.0.7 ලෙස යොදාගෙන තියෙන්නේ 192.168.10.0/29 කියන network එකේ wildcard mask එකයි.wildcard mask එක ACL යොදාගන්න හැටි මේ පාඩමේදිම අපි කතාකරමු..
- Packet tracer file (මෙහි සමහර ACL සැකසුම් නිවරදිව ක්‍රියාත්මක නොවේ)
ක්‍රියාකාරකම් 03:
මෙන්න මේ command එක මතකද?
Router(config)# access-list access-list-number permit any
මම කිව්ව නේද මේ command එක දාන්නෙ නැතුවත් අපිට ACL සැකසුම් කරන්න පුළුවන් කියල.අන්න ඒ වගේ ක්‍රියාකාරකමක් තමයි මේ.
**Jerry computer එකට පමනක් 192.168.10.0/25 network එක access කිරීමට අවසර දීම හා එම network එකට පැමිනෙන අනෙක් සියළුම traffic වැලැක්වීම.
මෙහිදී destination එක වන්නේ Router 1 හි network එකක් නිසා එහි interface එකකට ACL සැකසුම් කරමු.
පහලින් තියෙන packet tracer file එක බාගෙන බලන්න Jerry computer එකේ ඉදල අනෙක් network එකේ computers වලට data packet යනවද කියල(අනිවාර්යෙන් යා යුතුයි). ඒ වගේම Jerry computer එක තියෙන network එකේම අනිත් computers වලින් data packet යවල බලන්න successful reply ලැබෙනවද කියල(නොලැබේ).
- Packet tracer file (මෙහි සමහර ACL සැකසුම් නිවරදිව ක්‍රියාත්මක නොවේ)
ACL තුල wildcard mask යොදාගැනීම:
මතකනෙ අපි OSPF පාඩමේදි wildcard mask එක හෙව්ව. ඇයි ACL වල wildcard mask එක network address සමග යොදාගන්නෙ. ඊට කලින් මතක නැති කට්ටිය පහත බලල තේරුම් ගන්න කොහොමද wildcard mask එක හොයාගන්නෙ කියල.
උදා-: 172.16.32.0/19 හි wildcard mask එක සොයන්න.
255.255.255.255
subnet mask : 255.255.224.0 (අඩුකිරීම)
wildcard mask : 0. 0. 31. 255
ACL එකත් සමග wildcard mask එක යොදාගැනීමට ප්‍රධාන හේතූන් දෙකක් තියෙනව. පළවෙනි එක තමයි ACL එකට පුළුවන් Wildcard mask එක පාවිච්චි කරල සොයාගන්න IP address එකක යම් කොටසක් පමනක් හරියටම ගැලපුනොත් විතරක් ඒ හරහා එන network traffic එක deny කරන්න හෝ permit කරන්න. දෙවනි එක තමයි IP address එකේ ඉහතින් සදහන් කල කොටසට පසු ඉතිරිවන කොටසට කුමන network traffic එකක් ගැලපුනත් එම network traffic එක deny හෝ permit කරන්න. කියපු දේ තේරුනේ නැත්තම් පහතින් කියල තියනදේ බලපුවාම මේ කියල තියෙන දේ හොදට තේරෙයි.
උදා-: 172.16.32.0 /19 අපි මේ network එක හරහා එන සියළුම network traffic ACL එකක් මගින් permit හෝ deny කරන්න සැකසුම් කරනව කියල හිතමු. හරියට
පහතින් තියෙනව වගේ..
Router1(config)#access-list 50 {permit/deny} 172.16.32.0 0.0.31.255
මේ වගේ ACL එකේ සැකසුම් කරපුවාම Router එක කරන්නෙ network address එකයි wildcard mask එකයි binary වලට පරිවර්තනය කරල network address එකෙන් wildcard mask එක අඩුකරන එකයි. හැබැයි අඩු කරන්නෙ wildcard mask එකේ තියෙන 0 වලින් විතරයි. පහලින් තියෙන්නෙ ඒ විදියට අඩුකරල ගත්තු පිළිතුරයි.
network address:10101100.00010000.00100000.00000000
wildcard mask :00000000.00000000.00011111.11111111
10101100.00010000.001
මේ පිළිතුර decimal වලට පරිවර්තනය කලොත් අපිට ලැබෙන්නෙ 172.16.32 කියන අගයයි. මෙන්න මේ අගයට ගැලපෙන සියළුම IP address වලින් එන network traffic ACL එකේ සැකසුම් අනුව permit හෝ deny කරනව. තවත් කියනවනම් අපේ උදාහරනෙ විදියටනම් ACL සැකසුම් කරපු interface එකකට එන network traffic එකේ source හෝ destnation IP address එකේ මුල් ඉලක්කම් කාණ්ඩ තුන අපිට ලබුන පිළිතුරට සමානනම් ACL සැකසුම අනුව එම network traffic එක permit හෝ deny කරනව. දැන් ඔයාලට තේරෙනව ඇති අපි මොකටද ACL එකක් සැකසුම් කිරීමේදී wildcard mask එක යොදාගන්නෙ කියල.
Standard Access Control List මේ පාඩමෙන් අවසන් වෙනව. ඊලග පාඩමෙන් බලමු කොහොමද extended Access Control List එකක් සැකසුම් කරන්නෙ කියල. මොනව හරි අපහැදිලි තැනක් තියෙනවනම් අහන්නත් අමතක කරන්න එපා. ඊලග පාඩමෙන් හමුවෙමු. ඔබ සැමට
Standard Access Control List මේ පාඩමෙන් අවසන් වෙනව. ඊලග පාඩමෙන් බලමු කොහොමද extended Access Control List එකක් සැකසුම් කරන්නෙ කියල. මොනව හරි අපහැදිලි තැනක් තියෙනවනම් අහන්නත් අමතක කරන්න එපා. ඊලග පාඩමෙන් හමුවෙමු. ඔබ සැමට
***** ජය ශ්‍රී ****
Comments
Post a Comment