එකම Facebook ගිණුමට මුර පද තුනකින් ඇතුල් වෙන්න



ටිකක් සිත් ඇදගන්න මාතෘකාවක් වගේ නේද ;) , සාමාන්යෙන් අපිට ලොග් වෙන්න තියෙන අනිත් වෙබ් අඩවි වලට වඩා මුණු පොතේ වෙනස් කමක් තියෙනවා අපේ ගිණුමට ලොග් වෙද්දී .

ඒ කියන්නේ අපිට මුර පද 3 කිං අපේ ගිණුමට ඇතුල් වෙන්න පුළුවන්




පලවෙනි එක තමයි අපේ සාමාන්යෙන් භාවිතා කරන මුර පදය  







අපේ මුර පදය


FacebookPassword 
කියල ගමු .



දෙවෙනි එක අපේ මුර පදයේ Simple , Capital අකුරු මාරු කරලා ටයිප් කරන එක 


fACEBOOKpASSWORD


මේ විදියට සිම්පල් , කැපිටල් මාරු කරලා ටයිප් කරලා බලන්න , ඔයාගේ මුර පදය ෆේස්බුක් එක මගින් පිලි ගනීවි



තුන් වෙනියට මුල් අකුර කැපිටල් ලෙස ටයිප් කරල මුර පදය ඇතුලත් කරාමත් වැඩ කරනවා , 

මේ ක්‍රමය නම් ෆේස්බුක් මොබයිල් වලදී පමණයි වැඩ කරන්නේ



මෙහෙම මුරපද ඇතුලත් කරන අවසර දීම කිසියම් bug එකක්වත් 
vulnerability එකක්වත් නම් නෙමෙයි .



සාමාන්යෙන් ජංගම දුරකථන වල මුල් අකුර කැපිටල් ටයිප් වෙන නිසා ,

වගේම නිරතුරුව වෙන වැරද්දක් නිසා



ඒ වගේම පරිඝනකයේ උනැත Capslock On වෙලා තිබුනත් ප්‍රශ්නයක් නැතිව ලොග් වෙන්න පහසුකම දෙන්නයි මේ විදියට නිර්මාණය වෙලා තියන්නේ





 

Comments