! අන්තර්ජාලයෙන් මුදල් ! Internet Money - 07වන කොටස Finale (01 කොටස) !


අන්තර්ජාලයෙන් මුදල් - 07වනකොටස Finale (01 කොටස)


ඔන්න ඉන්ටනෙට් මනී අවසාන කොටස තමා දෙන්න යන්නේ. අවසාන කොටස උනාට මේකෙත් තව කොටස් දෙකක් තුනක් තියෙනවා. මම තව මේ ගැන දැන ගත්තොත් මම අනිවාරයෙන්ම ඒවත් ඔයාලට ලබා දෙනවා. එහෙනම් මේකෙත් වැඩි කතා බහක් නැතිව කතාවට බහිමු.



Online Bank Account - Alertpay.com
සාමාන්‍යෙයන් භාවිතා කරන බැංකු ගිණුමක් හා සංසංඳන කළ මෙහි ඇති විශේෂත්වය වන්නේ තමා උපයන මුදල් සියලුම දේ Online බැංකු ගිණුමේ දැක බලා ගන්න පුලුවන්. මේ ඇල(ර්)ට්පේ කියන බැංකු ගිණුමෙන් තමන් උපයන මුදල් ලෝකයේ ඕනෙම බැංකු ගිණුමකට මාරැ කරන්න පුලුවන්. එතකොට තව මුදල් චෙක් එකක් විදිහට ගෙදරටම දින දෙකක් ඇතුලත ගෙන්වා ගන්න පුලුවන්. ඒ බැංකු ගිණුම පල්ලෙහා රෑපෙන් බලාගන්න පුලුවන්.
පැහැදිලිව බලාගන්න පින්තූරය උබ ක්ලික් කරන්න





වෙළඳ දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීම
එදිනෙදා ජීවිතයේදී අපි රෑපවාහිණිය සහ විවිධ පුවත් පත් තුලින් වෙළද දැන්වීම් කොච්චර බලනවද? ඒත් ඒ වෙළඳ දැන්වීම් බැලීමෙන් අපේ කාලය නාස්ති වෙනවා මිසක් වෙන මොනවත්ම වාසියක් අත් වෙන්නේ නෑ. ඒත් මේකෙදී අන්තර්ජාලයේ දැන්වීමක් බැලීමෙන් තමන්ට මුදල් එන විදිහක් තියෙනවා. දිනපතා තමන්ට යම් වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් යම් කිසි වෙබ් සයිට් එකකට ගිහිල්ලා නැරඹීමට සිදුවෙනවා. එතනදී ඒ වෙළඳ දැන්වීම් නැරඹීමෙන් ඔයාට යම් මුදලක් හිමිවෙනවා.උදා:- bux.to කියන වෙබ් සයිට් එකේ වෙළඳ දැන්වීම් නැරබුවොත් Surf Ads වෙත ගොස් මුදල් ලැබෙන්නේ My states වෙතටයි. එහි එම ආයතනයේ Cash Out Limit එක ඉක්මුවාට පස්සේ ඔයාගේ Alertpay බැංකු ගිණුමට මුදල් බැරවෙනවා.

Workshoplk.blogspot.com

මෙම අඩවියේ තියෙන bux.to, maxptc angellbux නැමැති වෙබ් අඩවියන්හි රෙජිස්ටර් වෙලා සර්ෆ් ඇඩ්ස් වෙත පිවිස ඒකේ තියෙන වෙළඳ දැන්වීම් ක්ලික් කරලා තත්පර 30ක කාලයක් නරඹන්න ඕනි කරනවා. ඊට පස්සේ ඒ වෙළඳ දැන්වීම වසා දමලා නැවත අනික් වෙළඳ දැන්වීම නැරඹීම කරන්න ඕනි. මේ විදිහට තමන්ට දිනපතා වෙළඳ දැන්වීම් නරඹන්න පුලුවන්. මේක ඕනෙම කෙනෙක්ට කරන්න පුලුවන් පහසු ක්‍රියාවක්.

අන්තර්ජාලයෙන් මුදල් ඉපෙයීම ගැන පොඩි හැඳින්වීමක් කඩ්ඩෙන්

ලෝකයේ පවතින අනෙකුත් රැකියා මෙන්ම අන්තර්ජාලය හරහාද රැකියාවක් කිරීමට හැකියාවක් තියෙනවා. අනෙකුත් රැකියාවන් වලදී වගේ මහන්සි වෙලා සාධාරණව අවංකව තමා සැපයූ සේවයට මාසික වැටුපක් ලබා ගන්නවා වගේ අන්තර්ජාලයේ රැකියාවක් සිඳුකර මුදල් උපයන්න පුලුවන්. මේවා 100%ක් නීත්‍යානුකූල ක්‍රමවේදයන්ය.
                      මෙහිදී ඉතා වැදගත්වන සෑම කෙනෙක්ටම මුදලක් නොගෙවා සිදුකර ගත හැකි සරල ක්‍රිම ගණනාවක් තියෙනවා. ඒත් ඒවායින් ලෝකයේ වැඩිම දෙනෙක් සිදු කරන්නේ Google සමාගමේ Adsense කියන වැඩසටහනට සම්භන්ධ වීමයි. මේක ලෝකයේ තියෙන ජනප්‍රියතම සහ වැඩිම දෙනෙකු මෙම වැඩසටහනට සම්භන්ධ වී තිබීම මෙහි ඇති විශේෂත්වයක්. පා(ර්)ට් ටයිම් රැකියාවක් ලෙසද ව(ර්)ක් ඇට් හොම් (ෆුල් ටයිම්) රැකියාවක් ලෙසද සිදුකර හැක. ඒත් එය සිදුකරන ආකාරය සමස්ථ වශයෙන් ගත් කල මෙසේය. විවිධ විශේෂාංග සහිත සමාජයට වැදගත්වන වෙබ් අඩවි නිර්මාණය කර ඒ වෙබ් අඩවි තුළට වෙළඳ දැන්වීම් ගූගල් සමාගමෙන් ලබාගෙන එය එම වෙබ් අඩවිය මඟින් ප්‍රචාරණය කිරීමෙන් මුදල් ඉපෙයිය හැකිය. මෙහිදී මෙම වෙබ් අඩවි මඟින් ඔබට ලැබෙන ආදායම තීරණය වනුයේ වෙබ් අඩවියේ ජනප්‍රියතාවය සහ ප්‍රේක්ෂක සංඛ්‍යාව අනුවයි. මෙහිදී උදාහරණයක් වශයෙන් රෑපවාහිණී නාලිකා වල සඳහන් වන වෙබ් අඩවි වල ඔවුන්ගේ වැඩසටහන් අන්තර්ජාලය තුළින් නැරඹීමට නොමිලේ ලබා දෙයි. එම වෙබ් අඩවිය නරඹන්නන්ට වෙළඳ දැන්වීම් ඉදිරිපත් කර විශාල වශයෙන් ලාභ උපයා ගනී. එසේ නම් මෙම ඇඩ්සෙන්ස් යනු ගූගල් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමට ආරම්භ වුනු ආයතනයකි. මෙහිදී නිශ්චිත කාල සීමාවක් තුලදී එම මුදල් චෙක්පතකින් නිවසට ලැබෙනු ඇත. මෙම ක්‍රමයෙනන් මුදල් උපයන ආකාරය පිළිබද විස්තර ඉදිරියේදී සදහන් කරන්නම්. තවද මීට අමතරව ටයිප් සෙටින්ග්ස් සහ ඩේටා එන්ට්‍රි රැකියාවක්ද අන්තර්ජාලයේ බහුලව දක්නට ලැබේ.
                       නමුත් බොහොමයක් ඩේටා එන්ට්‍රි වෙබ් අඩවි සඳහා ලියාපදිංචි වීමට මුදල් ඉල්ලනු ලබයි. නමුත් වෙබ් අඩවි විටෙක සත්‍ය වෙබ් අඩවි වීමටද පුලුවන. නමුත් අන්තර්ජාලයේ ඇති මෙවැනි වෙබ් අඩවි වලින් 75%ක් පමණ වංචනික ඒවා වන අතර 15%ක් තරම් සත්‍ය සාධාරණ ලෙස ගෙවීම් සිදු කරන වෙබ් අඩවි ඇත. එවැනි ආයතන වලට ගෙවීමෙන් වැලකීමට වගබලා ගත යුතුය.
                     අන්තර්ජාලයේ මුදල් ඉපෙයීමට ඉතාමත් කල්පනාකාරීව කල යුත්තකි. එය ඉතා පහසුම ද නැත. අපහසුද නැත. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ඔබගේ උත්සාහය මත රඳා පවතී. ඔබ මෙම ගූගල් ඇඩ්සෙන්ස් නැමැති වැඩසටහනට සම්භන්ධ වී නිසියාකාරව ඔබ කටයුතු කරන්නේ නම් එමඟින් ඔබට මුදල් අනිවාර්යෙන් ඉපයිය හැක.

මුදල් උපයන ක්‍රම

1. වෙළඳ දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපැයීම
2. වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ හරහා මුදල් ඉපෙයීම
3. ඊමේල් යැවීම මාධයෙන් මුදල් ඉපයීම
4. ෆෝ(ර්)ම් ෆිල් කර මුදල් ඉපයීම
5. ඩේටා එන්ට්‍රි සිදුකර මුදල් ඉපයීම ( word, excel, accounting, graphic design, Facebook,....)
මෙම සියලු කරැණුද මීට අමතරව අන්තර්ජාල බැංකුකරණය, අන්තර්ජාල සහ විද්‍යුත් තැපෑල, අන්තර්ජාල දැන්වීම්කරණය සහ ඉලෙක්ට්‍රෝනික වාණිජ ක්‍රම යනාදියද මෙයට අයත්වේ.
ඔබ අලුතෙන් Email Account එකක් හදනවනම් එයට වඩාත් හොඳ Gmail Account එකක් සෑඳීමයි.

අන්තර්ජාලයේ form fill කිරීම හෝ offer complete කිරීමට ඇති වෙනත් වෙබ් ආයතනයන්

treasuretrooper/ cash create/ cash trooper
මෙම ආයතන වලින් මාසිකව සමීක්ෂණ සිඳුකරනු ලබන ෆේ(ර්)ම්ස් එවනු ලැබේ. මෙහිදී එක් පරිගණකයකින් ලියාපදිංචි විය හැක්කේ එක් ආයතනයකට එක් වරක් පමණි. මෙහි ෆෝ(ර්)ම්ස් ෆිල් කරනවාට අමතරව ඔෆර් කම්ප්ලීට් යනුවෙන් පැත්තක්ද ඇත. එහිදී කරීමට ඇත්තේ එම විවිධ අයාතනයන් වල ලියාපදිංචි වීමයි. ඒ සඳහා කිසිදු මුදලක් අය වෙන්නේ නෑ.

එහෙනම් මේකෙ දෙවෙනි කොටස අරන් එන්නම්. අදහස් උදහස් දාලම යන්ඩකෝ!!!

Comments