අපිට අන්තර්ජාලය භාවිත කරද්දී නිතර අහන්න ලැබුනත් වැඩි දෙනා නොදන්න දෙයක්නේ මේ ඉන්ටර්නෙට් ප්රෝටෝකොල් (Internet Protocol ) වල තියෙන පබ්ලික් අයි.පි (Public IP) සහ ප්‍රයිවට් අයි.පි (Private IP) කියන දේ .මේ පොස්ටුවෙන් මේ ගැන සරලව පොඩි හැදින්වීමක් කරන්නම්
මුලින්ම බලමු මොනවද මේ පබ්ලික් අයි.පී_(Public IP) කියන්නේ කියල
පබ්ලික් අයි.පී_(Public IP)
අන්තර්ජාලයට එකතු වෙන සෑම පරිඝනකයටම එයටම අදාළ වෙන IP ලිපිනයක් Assign වෙනවා . ඒ නිසා එකම විට අන්තර්ජාලය තුල එකම Public IP ලිපිනයෙන් පරිඝනක දෙකක් තියෙන්න විදියක් නැහැ .
මේ ලිපින මුදා හරින ක්‍රමය නිසා පද්ධතියකට තවත් පද්ධතියක් ලෙහෙසියෙන්ම අන්තර්ජාලයෙන් සොයාගෙන ඒ සමග දත්ත හුවමාරුව සිදු කරන්න පුළුවන් .
පරිඝනයක භාවිතා කරන්නට මේ පබ්ලික් අයි.පී වල වෙනස් කමක් කිරීමේ හැකියාවකුත් නැහැ .
ISP (Internet Service Provider ) විසින් පරිඝනකය අන්තර්ජාලයට එකතු වෙන විටම පබ්ලික් අයි.පී එකක් ලබා දෙන්නේ .
Dynamic IP සහ Static IP ලෙසත් මේ Public IP එක වෙන් වෙනවා.Dynamic IP එකක් ඉතිරි වී ඇති IP ගණනාවකින් (Pool එකකින්) ඒ අවස්ථාවට අනුව පරිඝනයකය්ට Assign වෙනවා. මේවා ටික වෙලාවකින් එහෙමත් නැතොහොත් අන්තර්ජාලය disconnect කර විට වෙනස් වෙනවා .
Static IP ලිපිනයක් ස්ථාවර වෙන අතර අන්තර්ජාලය disconnect උවත් වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ .
අන්තර්ජාල සේවාවන් (හොස්ටින් වැනි) දේ ලබා දෙනවා නම් වගේම RAT වලදීත් Static IP ලිපිනක් අවශ්‍ය වෙනවා.
ලංකාව තුල නම් එවැන්නක් ලබා ගන්න ටිකක් වැඩියෙන් වියදමක් දරන්න වෙනවා.
Private IP _ ප්‍රයිවට් අයි.පී
Private IP Assign වෙන්නේ Private Network එකකදී . නිවසකදී ., පාසලකදී , ඔෆිස් එකක වගේ LAN (Local Area Network) එකකදී .
Internet Assigned Numbers Authority (IANA) මගින් අපිට Private Network එකකදී වෙන් කරන්න පුළුවන් ප්‍රයිවට් අයි.පී වල Range එකක් කොටස් තුනකින් දක්වලා තියෙනවා .
| RFC1918 name | IP address range | number of addresses | classful description | largest CIDR block (subnet mask) | host id size |
|---|---|---|---|---|---|
| 24-bit block | 10.0.0.0 – 10.255.255.255 | 16,777,216 | single class A network | 10.0.0.0/8 (255.0.0.0) | 24 bits |
| 20-bit block | 172.16.0.0 – 172.31.255.255 | 1,048,576 | 16 contiguous class B network | 172.16.0.0/12 (255.240.0.0) | 20 bits |
| 16-bit block | 192.168.0.0 – 192.168.255.255 | 65,536 | 256 contiguous class C network | 192.168.0.0/16 (255.255.0.0) | 16 bits |
Private Network (පාසලක , oFfice etc) එකකදී මේ මගින් අනිකුත් පරිඝනක සමග දත්ත හුවමාරුව සිදු කරගැනීමට හැකි වෙනවා .
අපි උදාහරණයක් ගත්තොත් යම් ස්ථානයක පරිඝනක 10 ක් තියෙනවා නම් ඒවාට Private IP assign කරනවා
192.168.1.1 සිට 192.168.1.10 දක්වා. එවිට අපිට අපේ නෙට්වර්ක් එක තුල තියෙන පරිඝනක ලෙහෙසියෙන් හදුනා ගෙන වැඩ කරන්න පුළුවන් .
ඒ වගේම Public IP යන්නදී බැරි උවත් මේ Private IP වලදී Network Administrator ට අවශ්‍ය පරිදි තමාගේ Private Network එකේ පරිඝනක වලට අවශ්‍ය පරිදි Private IP ලබා දෙන්න පුළුවන් . (ඉහත Block එකට අනුව )
ඉහත විස්තරය තියෙන්නේ සරලව කෙටියෙන් , :), මුලිකව දැනගන්න උවමනා අයටයි ,
ඔයාගේ Public IP එක බලන්න නම් :
http://www.whatismyip.com/ වලින් බලන්න පුළුවන්
Private IP එක බලන්න ipconfig කියල CMD වල ටයිප් කරලා බලන්න
මේ වගේම එදිනෙදා ඕනේ වෙන තවත් විස්තර එක්ක ඊලග පොස්ට් ඒකෙන හම්බු වෙන්න , :)
බ්ලොග් එකට කොමෙන්ටුවක් දාලම යන්න :)

Comments
Post a Comment