Digital Stenography - රහස් තොරතුරු සැගවීම






කියවපු අයට නම් මතක ඇති මම කලින් ලිව ස්ටේනොග්‍රෆි ගැන ඒ කිවේ දත්ත සැගවිමේ කලාව ගැන .

කියෙව්වේ නැත්තම්


රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography



උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_

- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -

රහස් ලේඛන කලාව - Art of stenography

පොස්ටුව කියවලාම එන්න .



ඉතින් ඒ විදියට එක එක ක්‍රම තියෙනවනේ දත්ත සැගවීමට . මම කතා කරන්න යන්නේ නම් Digital Stenography  ගැනයි. ඒ කියන්නේ පරිඝනකය භාවිතා කරලා දත්ත සැගවීම කරන්නේ කොහොමද කියන එක .



දන්නා කස්ටිය ක්රිප්ටර් වගේ එව්වා එක්ක මේක පටලවා ගන්න එපා.එක වෙනම එකක් . 



මුලින්ම බලමු කොහොමද පින්තුරයක් අස්සේ අපිට උවමනා ලියුමක් වගේ දෙයක් හංගන්නේ කියල .





එකක් තමයි අපිට හංගන්න උවමනා ලියුම Notepad එක ඕපන් කරගෙන එකේ ලියල . අපේ පිටතට පෙන්න ඕනේ Image File එකට එකතු කරන එක .




  • උදා

  • : පින්තුරේ නම  :img.jpg  

  • හංගන්න උවමනා වචන : Sample Text Hide for Stenography 

  • මේ "Sample Text Hide for Stenography" සේව් කරගත්ත Text Document එකේ නම : hide.txt




කරන තියෙන්නේ සුළු දෙයයි . අපි හිතමු D:/hide කියන ෆෝල්ඩරේ සේව් කරගත්ත කියල මේ ඉහත ෆයිල් දෙකම (img.jpg , hide.txt)

අපේ කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරලා Path එක තෝරාගෙන .










D:\hide>
copy /b img.jpg + hide.txt output.jpg





කියල දෙන්නයි. මේකේ

Copy /b - කියන්නේ කමාන්ඩ් එක

img.jpg - අපේ ඉමේජ් එක

hide.txt - අපේ ටෙක්ස්ට් එක

output.jpg - රහස් ලියුම ඇතුලත් ඉමේජ් එක







දැන් ෆෝල්ඩර් එකේ output නමින් ඉමේජ් එකක් හැදිලා ඇති . අර හංගපු වචන ටික බලන්න නම් image එක notepad එක මාර්ගයෙන් විවුර්ත කරගෙන අවසානයේම බලන්න .











ඔය වගේම මේ වැඩේ ලේසියෙන්ම කරගන්න මෘදුකාංගයක් තියෙනවා QuickStegno කියල . ඒ ගැන නම් වැඩි විස්තරයක් කියන්නේ නැහැ . වෙබ් අඩවියට ගිහින්ම බලන්න





Visit QuickStegno :

වෙබ් අඩවිය







අපි කරේ ටෙක්ස්ට් එකක් හංගන එක විතරනේ , ඕනෙම ෆයිල් එකක් හංගන්න නම් එත් කරන්න තියෙන්නේ , අපිට හංගන්න උවමනා ෆයිල්ස් සේරම එක ෆෝල්ඩර් එකක ඇතුලට දාල එක WINRAR වලින් Compress කරන එකයි .

කලින් වගේම ඕනේ ඉමේජ් එකත් ඒ ෆෝල්ඩර් එක තුලට දාගෙන




D:\hide>
copy /b img.jpg + hidefiles.rar output.jpg



විදියට දෙන එකයි . මේක ඕපන් කරගන්න නම් එක්කෝ අපේ ඉමේජ් ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එක .RAR විදියට හරවාගෙන ඕපන් කරන්න ඕනේ නැත්තම් ඉමේජ් එක WinRar මගින් ඕපන් කරගන්න ඕනේ .



ඉතින් මේ දේ කරන්නත් මෘදුකාංග භාවිතය කරන්න පුළුවන් .





OpenPuff -Download වෙබ් අඩවිය



ඉලගට් තව එකක් තමයි Hide Me කියන්නේ මේකේ නම් විශේෂත්වේ අපේ කෙනෙක්ගේ ගේ දෙයක් නිසා .







ලස්සන Friendly User Interface එකක් තියෙන නිසා වගේම ඉමේජ් එක WinRAR වලින් ඕපන් කරත් නොපෙන්නන නිසා ආරක්ෂාවත් හොදයි .



වෙබ් පිටුව :Download වෙබ් අඩවිය

Facebook Page : https://www.facebook.com/djsofts.hideme 





මේ වගේ එක එක ක්‍රම වලින් හංගන ක්‍රම ,මෘදුකාංග බිහි වෙද්දී මම  ඊළගට Cryptography - Art of Reading Stenography ක්‍රම ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා . සගවලා තියෙන දත්ත හදුනා ගැනීම , ඒවා කියවීම යන මාතෘකා යටතේ .


ආ තව ටිකෙන් අමතාක වෙනවා . ඔය උඩ කිව ක්‍රම ඉමේජ් එකත් එක්ක සම්බන්ද ඒවා නිසා . මොනවා හරි හංගපු ෆයිල් එක වැරදිලා හරි Rotate කොරොත් සොරි තමයි හොදේ , හැම දෙයක්ම නැති වෙනවා . 


 


ලාව හෙවත් Art of Steganography



උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_

- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -


රහස් ලේඛන කලාව හෙවත් Art of Steganography



උපුටා ගැනීම: http://nohikmunuasa.blogspot.com/2012/09/art-of-steganography.html#_

- නොහික්මුණු ඇසේ සයිබර් අවකාශය -


Comments