2013 ට සුදානම් වෙන නොහික්මුණු ඇස



ආයුබෝවන් හැමෝටම ,

තව පැය කීපයකින් උදා


වෙන 2013 වර්ෂයට  හැමෝම ලැහැස්ති වෙනව ඇති . කාලෙකින් බ්ලොග් එක ලියන්න උනේ නැහැ , (කොමත් නිතර එන අය නම් දන්නවනේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් කියල ).

ඒ කියල නොලිය නම් ඉන්නේ නැහැ :) ,ලියන්නේ නැත්තේ මොකෝ කියල වගේම  මගේ විද්‍යුත් ලිපිනයට Contact Form එක හරහා දෙන්නෙක් මැසේජ් කරලා අහල තිබ්බ බ්ලොග් එක ලියන්නේ නැත්තම් දෙන්න පුලුවන්ද ඉදිරියට කරගෙන  යන්න කියල .

සයිබර් ආරක්ෂාව ගැන කැමති කෙනෙක්ට ලිපි ලියල බ්ලොග් එකේ නම එක්ක පල කරන්න නම් පුළුවන් :)

කොහොම හරි මොනව හරි ලියහන් කියල වගේම නිතරම සප් එකට ඉන්න මිත්‍ර සනුහුරෙටත් ස්තුති කරන ගමන් ,

බ්ලොග් එක කියවන්න එන නොඑන හැමෝටම .
දැනුමෙන් පිරි සුබ අලුත් වර්ෂයක්  කියල ප්‍රර්ථනා කරනවා !






Comments