වින්ඩෝස් 8 Ad-Hoc කනෙක්ෂන් එක හදාගන්න බැරිවද ?



වින්ඩෝස් 8 හොක් වයි ෆයි







ඉදල ඉදල මමත් ලයිව් රයිටර් එක ගත්ත පොස්ට් එකක් දාන්න බලන්න , ප්‍රදීප් අයියට උවමනා උන
නිසා මමත් ටෙස්ට් කොරලම බැලුව .
අයෙමත් බ්ලොගර් වලට පේස්ට් කොරන්න වෙයි වගේ ,
පර්ම ලින්ක් , මීටා වගේ ඒවා නැහැනේ මේකේ :/






සාමාන්යෙන් වැඩ කරන වෙලාවට මගේ සිස්ටම් වල  හොක් එකක් ගහගෙන වැඩ
කරන්නේ ,
ඔන්න ඉතින් කොමෙන් හරි මමත් වින්ඩෝස් ටික 8 වලට අප්ඩේට් කොරගත්තම තමයි
දැක්කේ හත් ඉලව්වේ කෝ යස අගේට තිබ්බ Ad-hoc connection එක හදන එක නැහැනේ Network
Center එකේ කියල ,

ආ දන්නේ නැති අයව අවුල් කරන්න බැහැනේ , ඒ නිසා


මොකක්ද මේ ඇඩ් හොක් කොනෙක්ෂන් එකක් කියන්නේ ?

කෙටියෙන් හදුනවනවානම් රැහැන් රහිත ජාල තාක්ෂණයේ Ad-Hoc ක්‍රමය මගින් භාහිර උපකරණයකට සම්බන්ද නොවී (වයි ෆයි රවුටර් ) , අදාළ පද්ධති අතර ජාලයක් නිර්මාණය කරගැනීම .
මෙම ජාල වක්‍රය ඇතුලත තියන ඕනෙම රැහැන් රහිත පද්ධතියකට මෙම ක්‍රමයදී Peer to Peer  භාවිතා කරලා සම්බන්ද වෙන්න පුළුවන් .








මල්ටිප්ලේයර් ගේම් එකක් ගහන්න , ෆයිල් ශෙයා කරන්න , වගේ සාමාන්‍ය ජාලයකදී කරන සියලු දේවල් මේකෙදිත් වලංගුයි . 






හරි මාතෘකාවෙන් පිට ගියේ හෙන්ඩුව දීලා අලියා කැලෑවට අතාරින්න බැරි නිසා.

Command Prompt එක දන්නවනේ CMD එක , එක දන්නෙත් නැත්තම්


ඔන්න ඔය Key එක ඔබල , CMD කියල ටයිප් කරාම එන Console එක ,
මේ CMD එක රයිට් ක්ලික් කරලා Run As Administrator ඕපන් කරගන්න



netsh wlan show drivers





කියල ලියල බලන්න cmd එකේ , මේ විදියට එන්න ඕනේ





Hosted Network Supported : Yes කියල තියෙනවා නම් ඔයාට දිගටම වැඩේ කරගෙන යන්න පුළුවන් .



netsh wlan set hostednetwork mode=allow ssid=name key=password


හයිලයිට් කරලා තියෙන name සහ password කියල දෙකට , සාමාන්‍ය විදියට කනෙක්ට් වෙන් භාවිතා කරන නමක් නැහැ හොද මුර පදයක් යොදන්න .








 එක Enter කලාම මේ වගේ එනවා නම් හරි .











ඊළගට තියෙනෙන් ඉතින් හදපු එක ස්ටාර්ට් කොරන්න තමා . එකට




netsh wlan start hostednetwork





පාවිච්චි කරන්න අන්තිමේදී , ඔන්න අද ඉපදුන බබෙක්ට වගේ පින්තුර එක්කම දාල මම O.o , මටත් විකාරයි වගේ

ආ ඉවරයි , මට මම ලියන පොස්ට් වලින් , ඊළගට "මොනවද මේ DOS Attack" සහ "ක්රිප්ටෝග්‍රෆි" පොස්ට් දෙක ලියන්නත් තියෙනවා , ඒ අතරේ මේ වගේ දේකුත් දාන්න එපාය කියල හිතුන .

ආ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කොරා , ඔය ඉන්න ගමන් දකුණු පැත්තේ තියෙන චන්දෙට Vote එකක් දාල යන්න හොදේ 


තව බ්ලොග් එකට වෙනස් කම් ටිකක් කරගෙන කරගෙන යනවා , ඉදල ඉදල මට නම් හිතට අල්ලපු ටෙම්ප්ලේට් එකක් නිසා :D





ආ... ඔන්න ඉතින් .. කෝ කොමෙන්ටුවක් ?





Comments