මුණුපොතේ හැකින් පලහිලව්ව | Facebook Hacker Cup 2013

















 මේක දාන්න කියල හිටියට කලින් දාන්න අමතක උනානේ , දන්නෝ දනිති පරිදි අපේ මිත්‍ර සංගමේ සෙට් වෙන තැන ඒ කිවේ මුණුපොතේ ඒමත් නැත්තම් ( Facebook )  , වාර්ෂිකව සයිබර් ලෝකේ පොරවල් වලට තරගයක් තියෙනවා . Facebook Hacker Cup කියල හදුන්වන මෙයට ලොව පුරා  සිටින ඕනෙම පරිඝනක ක්‍රම ලේඛන භාෂා ගැන  දන්නා කෙනෙකුට ලියා පදිංචි වෙන්න පුළුවන් . 








2011 වර්ෂයේ ජයග්‍රාහකයා



ලොව පුරා සිටින හැකර් (Hackers / Programers ) ලගේ අභිමානය උදෙසා සටන් වදින භුමිය ලෙස නාමිකව හදුන්වන මේ තරගය මේ වර්ෂයේ ( 2013 වර්ෂයේ )  තරගය දැනටමත් ලියා පදිංචිය අරඹා ඉවරයි


 

ජයග්‍රාහක තෑගි :

තවම නම් Facebook මගින් මේ වර්ෂයේ තෑගි මුදල කියල නැහැ , 




එහෙත් ගිය අවුරුද්දේ



1th -- 5,000 USD

2th -- 2,000 USD

3th -- 1,000 USD

4th - 25th -- 100 USD

TOP 100 -- Free shirts!




ලෙසට තමයි නම්කරලා තිබ්බේ  .

මේ තරගයේ Online වට 3 ක් පැවැත්වෙන අතර , එයින් හොදම 25 දෙනා හට Facebook Head Office එකේ අවසාට වටයට මුණ දෙන්න සිද්ද වෙන්ව . ආ .. ගුවන් ටිකට් පත් සහ අතිරේක වියදම් නොමිලයේ ඒ එක්කම .




දැන් මේ අවුරුද්දේ දින දක්වලා තියෙනෙන් මේ විදියට 





ජනවාරි 7 - ජනවාරි 27-- සාමාජික වීම (Registration)

ජනවාරි 25 - ජනවාරි 27 -- Online Qualification Round (සුදුසුකම්)

පෙබරවාරි 2 -- Online Elimination Round 1 (තරග වට 1)

පෙබරවාරි 9 -- Online Elimination Round 2 (තරග වට 2 )

පෙබරවාරි 16 -- Online Elimination Round 3 (තරග වට 3)

මාර්තු 22 -23 -- Onsite Finals at Facebook (අවසාන වටය)









2012 අවසන් වටයට තේරුණ පොරවල් සෙට් එකලු මේ 



වැඩි විස්තර : More Info
ලියාපදිංචි වීම් : Facebook Hacker Cup 2013


පිටුව : Official Hacker Cup Page







එහෙනම් ජය හැමෝටම !

Comments