සමාජය වෙතින් සමාජය වෙතට සමාජය සමගින් | IMCD | Needy Readers




වෙනද වගේම පිලිගන්නවා ආයුබෝවන් කියල :) ,
අද නම් ලියවෙන්නේ පරිඝනකය ආශ්‍රිත ලිපියක් නෙමෙයි , සමාජ සත්කාරයක් ගැන ලිපියක් . එහෙමයි කියල මග හරින්න නම් එපා කියවන එක . පොත් වලට ආදරේ කරන ඔබට , දැනුම බෙදා ගන්න කැමති ඔබට  ඒ සම්බන්ද කාරණයක් තමයි කියන්න යන්නේ 




සාමාන්යෙන් හැමෝම සලකන කාරණයක් තමයි "Knowledge is Free (දැනුම යන්න නොමිලයේ ලැබිය යුත්තක්)" කියන වග . ඉතින් අපේ දැනුම අඩංගු මුලිකම දේ තමයි මේ පොත් කියන්නේ .
"පොත් අපේ නෙත් වගේ" කියල දක්වන්නේත් එකමනේ .

බොහෝ දෙන මේ වන විට දන්නවා ඇති Needy Readers (Donate a Book , Light a Future සමාජ සත්කාරය ගැන . මේකෙන් වෙන්නේ ප්‍රධාන වශයෙන් අරමුණ කරගෙන සීමිත පොත් ගණනක් හෝ පුස්තකාලයක් නොමැති පාසල් තෝරාගෙන එම පාසල් වලට පොත් වලින් ආධාර කිරීමයි . මේ වන විටත් පොත් 10,000 කට වැඩිය ආධාර කරලා තියෙනවා .


මේ ව්‍යාපෘතිය IMCD එහෙමත් නැති නම් International Movement for Community Developing (සමාජ සංවර්ධනය උදෙසා ජ්‍යාතන්තර ව්‍යාපාරය  කියන සංවිදානය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ .
ස්වෙච්චා සේවය සපයමින් මේකට දායක වෙන්නත් අපේම උසස් අධ්‍යාපනය හදාරන වගේම රැකියා නියුක්තිකයන් .

ඉතින් ඔබටත් පුළුවන් ඔබ කියවූ පොතක් මේකට පරිත්‍යාග කරමින් මේ වැඩේට දායක වෙන්න. ඔබට පොතින් ලැබුණු ඒ සුන්දර මොහොතවල් ඔවුන්ටත් ලබා දෙන්න ,
අධ්‍යාත්ම සංවර්ධනයේ සිට ජිවිතේ ගොඩක් දේවල් වලට ඉමහත් පිටුවහලක් වන්න පොතක් කියවන්න ඔවුන්ටත් උදව් කරන්න.


යන්න IMCD වෙබ් අඩවියට : http://www.imcds.org/
Needy Readers සත්කාරය : https://www.facebook.com/NeedyReaders?fref=ts




ඉතින් නැවතත් බොහෝ දිනයකින් හෝ නොබෝ දිනයකින් පොස්ටුවක් සමගින් හමුවන තෙක් ඔබට ජය !

Comments