ANDROID දුරකථනය පරිගණකයෙන් පාලනය කරන්න

අද වන විට ජංගම දුරකථන බාවිත කරන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් Android දුරකථන බාවිතා කරනවා .අද අපි කියල දෙන්න යන්නේ ඔබේ ජංගම දුරකතනයේ සියලුම පාලන කටයුතු පරිගණකය හරහා කරගත හැකි ක්‍රමයක් ගැනයි 


අපි මේ වැඩේ කරන්න යොදාගන්නේ " Airdroid " කියන APP එක  . android වෙළඳපොල තුල මෙවැනි මෘදුකාංග කිහිපයක්ම තිබුනත් අපි airdroid මෘදුකාංගයම තෝරාගත්තේ විශේෂ හේතු කිහිපයක් නිසා .
මෙම මෘදුකාංගය ඔබේ දුරකතනයේ ඉතා අඩු ඉඩක් තමයි බාවිතා කරන්නේ . ඒ වගේම පරිගණකය සහ දුරකථනය අතර සම්බන්ද වෙන්නේ අන්තර්ජාලය හරහා උනත් මෙම මෘදුකාංගය ඉතා අඩු  data ප්‍රමාණයක් තමයි බාවිතා කරන්නේ නමුත් ඉතා ඉහල සේවාවන් රැසක් මෙමගින් ඔබට ලබාගන්න පුළුවන් 
හරි අපි දැන් බලමු ඔබේ දුරකථනය කොහොමද පරිගණකය හරහා පාලනය කරන්නේ කියල

1."AIRDROID"  මෘදුකාංගය ඔබේ ජංගම දුරකතනයේ ස්ථාපනය කරගන්න 
2. AIRDROID app එක open කලාම ඔයාට මෙන්න මේ වගේ තමයි දකින්න ලැබෙන්නේ 


3.ඊට පස්සේ ඔයාගේ පරිගණකයෙන් මෙතන මේ රුපයේ තියෙන web address එකට යන්න. එතකොට මෙන්න මේ වගේ වෙබ් අඩවියක් ලැබෙයි

4.ඊටත් පස්සේ ඉතින් කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකෙන් airdroid මෘදුකාංගය open කලාම වෙබ් ලිපිනය ආපු තැනට යටින් තියෙන passcode එක දීල  login වෙන්න 

දැන් ඔයාට පුළුවන් ඔයාගේ දුරකථනයේ සියලුම වැඩ ටික පරිගණකය මගින් කරන්න 
( සියලුම කියන්නේ සියලුම :) අඩුවක් නැතුව sms යවන්න ,කියවන්න සින්දු අහන්න , සින්දු දාන්න අරව මෙව්වා ඔක්කොම )

Comments